මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව කෙරෙන නඩු විභාගවල දී සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටි තවත් පුද්ගලයෙක් අද සවස තංගල්ලේ දී ඝාතනය වී ඇත.
මෙම පුද්ගලයා අද තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේ දී ඝාතනයය වන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටීම නිසා සතියක් තුළ ඝාතනය වූ පස්වැනි පුද්ගලයා ලෙසය.
තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදි කැබ් රථයක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කීවේය.
වෙඩි ප්‍රහාරය එල්ලවන මොහොතේ වාහනයේ 03 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. තුන්දෙනාටම වෙඩි වැදී තිබේ. එක් පුද්ගලයෙක් මියගොස් ඇත.
මේ කතාවත් කියවන්න..
මහා පරිමාණ කුඩු ජාවාරම් විමර්ශනවල සාක්ෂිකරුවන් ඝාතන රැල්ලක්… ඊයේ ඝාතනය වුනේත් සාක්ෂි කරුවෙක්…







