අද (28) උදෑසන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බරමති හි සිදුවු ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් මිය ගිය බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
මහාරාෂ්ට්‍රයේ 8 වන නියෝජ්‍ය මහ ඇමතිවරයා අජිත් පවර්ය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අඛණ්ඩව නොව දීර්ඝතම කාලයක් නියෝජ්‍ය මහ ඇමති ධුරය දැරූ පුද්ගලයා ඔහුය. ඔහු විවිධ රජයන් තුළ වාර 6ක් මෙම තනතුරේ සේවය කර ඇත. ඔහු ප්‍රිතිවිරාජ් චවාන්, දේවේන්ද්‍ර ෆඩ්නවිස්, උද්ධව් තැකරේ සහ එක්නාත් ෂින්ඩේ යන අයගේ කැබිනට් මණ්ඩලවල නියෝජ්‍ය මහ ඇමති ලෙස සේවය කර ඇත.
පවර් තවත් හය දෙනෙකු සමඟ ගුවන් යානයේ ගමන් කරමින් සිට ඇත. හදිසි ප්‍රතිචාර කණ්ඩායම් අනතුරට ලක්වූ ස්ථානයට ඉක්මනින් පැමණ මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මුම්බායි සිට පැමිණි මෙම ගුවන් යානය කුලී පදනම මත ලබා ගත් යානයකි. යානය බරමති වෙත ගොඩබෑමට උත්සාහ කිරීමේදී යානයක කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
බරමති හි මැතිවරණ ප්‍රචාරක රැලි තුනක් පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම මැතිවරණ ප්‍රචාරක රැළිවලට සහභාගී වීම සඳහා ඔහු භරමතී වෙත පැමිණ තිබිණි.
වැඩසටහන පෙ.ව. 10:00 සිට ප.ව. 7:00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.







