ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ජයවර්ධනපුර විශ් විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයකට නිර්දේශ කර ඇත.
“ප්‍රතිශක්තිකරණය සදහා වූ බ්‍රිතාන්‍ය සමාජය “ මෙම සම්මාන ප්‍රධානය සිදුකරයි
මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සම්මානය දිනාගත් තරුණ විද්‍යාඥයින් 6 දෙනාගෙන් 5 දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයින් වීමද විශේෂත්වයකි.
මෙම සම්මානය සදහා නම් කිරිම අප්‍රේල් 20වනදා සිදු කරනු ඇත.
මහාචාර්ය චන්දිම ජීවන්දර ලැබූ සම්මානය පිලිබඳව ලංකා සර කළ විමසුමකදී ඔහු සදහන් කළේ මෙම සම්මානය සදහා නම්කිරිම තමා ට සතුටක් බවත් විශේෂයන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 5 දෙනෙකු අතර ශ්‍රී ලංකිකයෙකු ලෙස තමාව තේරීම ආඩම්බරයක් බවත් ය.
ජයවර්ධනපුර විහ්ව විද්‍යාලය තුල තව තවත් පර්යේෂණයන් සිදුකිරිමට මෙම ශක්තියක් වන බව නොවනුමානය යැයිද හෙතෙම අවදාරණය කළේය.
ලංකාව පුරා ඩෙංගු සහ කොවිඩ් රෝගය කොතරම් දුරට පැතිර තිබෙන්නේ යන්න පිලිබඳව පසුගිය සතියේදී පර්යේෂණයන් සිදුකළ බවත් එහි ප්‍රතිපලයන් නොබෝ දිනකින් එලිදක්වන බවත් ඔහු පැවසුයීය.