ශ්‍රියානි විජේසිංහ –
ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයින සදහා අයදුම්පත් ඉදිරිපත් කර ලෙස පාලන අධිකාරිය සේවකයින්ට දැනුම් දි සිටියි.
ශ්‍රී ලංකා රූපවාහින සංස්ථවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිවේදනයට අත්සන් තබා ඇත්තේ ඉකුත් 28 වෙනිදා බවද වාර්තාවේ.
නිවේදනය අනුව සදහන් කර ඇත්තේ රෟපවාහිනි සංස්ථාව තව දුරටත් ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.
ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් යන සේවකයින් වෙනුවෙන් වන්දි ලෙස අවම රුපියල් දෙලක්ෂ පනස් දහසක් හා උපරිම ලක්ෂ 25ක් ලෙස ගෙවීමට යෝජනා කර ඇත.
එහෙත් මෙය ගෙවීමේදී ප්‍රාථමික, ද්විතීක සහ මාණ්ඩලික ශ්‍රේණි ලෙස සලකා බලන අතර සේවය කළ කාලය හා සේවය කිරිමට ඇති කාලය සලකා බලන බව අධ්‍යක්ෂ ජනාරාල්වාරයා සඳහන් කර ඇත.
කෙසේ නමුත් මේ වන විට ජාතික රූපවාහිනි සංස්ථාව බරපත කඩාවැටීමකට ලක්ව අති බවත් අවස්ථා කීපයකදීම හිඟ විදුලි ගාස්තු වෙනුවෙන් විදුලිය විසන්ධි කෙරුන අතර මෑතකදී අන්තර්ජාල සේවාවන් අත්හිටුවීමට අදාළ නිවේදනයක්ද පැමිණ ඇතැයි පැවසේ.
මෙතෙක් සවස 6.50ට විකාශනය වූ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය නතර කර ඇති අතර විකාශනය වූ පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශ සියල්ල මාර්තු 01 වෙනිදා සිට නතර කිරීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත්තේ ඒ සදහා වැයකිරීමට මුදල් නොමැති බව පවසමින්ය.
එය සේ සිදුවුවද පසුගියදා නවක ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීම සදහා 1500ට අධික අයදුම්පත් කැඳවා ඇතැයිද වාර්තාවේ.
තවද මාර්තු 01 වෙනිදා සිට වැඩසටහන් ගණනාවක්ම ලාභයක් නොමැති බව පවසා නතර කිරිමට පියවර ගෙන ඇත.
උදෑසන 6.00 සිට 7.00 දක්වා විකාශනය වූ සිව්දෙස විදෙස් පුවත් වැඩසටහන නතර කර ඒ වෙනුවට OFF BEAT නැමැති වැඩසටහනක් විකාශය කළ අතර මේ වන විට එය අසාර්ථක බව පාලන අධිකාරිය පිලිගෙන ඇතැයිද වාර්තාවේ.
කෙසේ නමුත් නැවත සිව්දෙස ආරම්භ කිරිමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත.