අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි…

අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි... 

by editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාර ගැටුමට මුල්වන කොවිඩ් ආසාදිතයන් පිළිබඳ සිදුවීමට පාදක වන්නේ ඉහළ බන්ධනාගාර අධිකාරිය විසින් චක්‍රලේඛ උල්ලංඝණය කරමින්,  ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විවිධ බන්ධනාගාරවලින් රැඳවියන් මහරට යොමු කිරීමට කටයුතු කිරීම බව සිදුවන පරීක්ෂණ ඔස්සේ අනාවරණය වෙමින් ඇතැයි වාර්තා වේ.

මහර බන්ධනාගාරය තුළ අවසන් මොහොත වන තුරුම කොවිඩ් වසංගතය පැවතියේ   ඉතාම ඉහළ පාලිත තත්වයක බවත් ඒ සඳහා   නිශ්චිත  ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ  බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. එම ආරංචි මාර්ගවලට අනුව අධිකරණයෙන් මහර බන්ධනාගාරයට එවන රැඳවියන් මුලින්ම යොමු කළේ පල්ලන්සේන නිරෝධායන කඳවුරටය. එම කඳවුරේ දින 14ක නිරෝධායනයකින්  අනතුරුව ආසාදිතයන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත්, නිරෝධායනය වූවන් බෝගම්බර කඳවුර වෙතත් යොමු කර තිබිණි. මහර බන්ධනාගාරය තුළට ඇතුළු කරනු ලැබුවේ සති පහක් තිස්සේ අධීක්ෂණයට ලක් කළ රැඳවියෙකි.

මේ ක්‍රමවේදය බිඳ වැටෙන්නේ බන්ධනාගාර අධිකාරිය මහර බන්ධනාගාරය වෙත ව්‍යාජ තොරතුරු සහිත පවතින චක්‍රලේඛ උල්ලංඝණය කරමින් රැඳවියන් යොමු කිරීමත් සමගිනි.   කොවිඩ් වසංගත තත්වය නිසා බන්ධනාගාරයකින් බන්ධනාගාරයකට රැඳවියන් හුවමාරු කිරීම චක්‍රලේඛයකින් නතර කර තිබිණි. අත්‍යාවශ්‍ය අවස්ථාවක දී මාරු කළ හැකිව තිබුණේ  පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර කොවිඩ් ආසාදිත නොවූ බව තහවුරු කරන ලද රැඳවියන් පමණි.

එසේ තිබිය දී නිරෝධායනය කළ බව දන්වා පී.සී.ආර් පරීක්ෂණ නොකර මහර බන්ධනාගාරය වෙත යොමු කළ රැඳවියන් ඉඩකඩ මදි කම නිසා වෙන් කර තැබිය නොහැකි වීමත්,  ඉහළ බලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු ව්‍යාජ ඒවා බව නොදැනීමත් නිසා බන්ධනාගාරය තුළ එක් වර ආසාදිතයන් විශාල පිරිසක් වාර්තා වූ බව හෙළි වී ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ සිද්ධිය අවස්ථාවක් කරගෙන අපරාධ කරුවන් පිරිසක් ඇති කළ ගැටුම කැරැල්ලක් දක්වා වර්ධනය වී රැඳවියන් 11 මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. ගැටුමට මුල් වූයේ බෙහෙත් ගබඩාව ආරක්ෂා නොකිරීම බවත්, මානසික රෝගීන් වෙත ලබා දෙන විශාල බෙහෙත් ප්‍රමාණයක්  එක තැන ගබඩා කර තබා ගත් බවත්, ඒ හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බවත් කියමින්   මහර බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරීවරයාට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තැබූ මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය  ඉන්ද්‍රජිත් පනාවැන්න මෙසේ කියා තිබිණි.

“ තමනන්ගේ කුණු වහගන්න අහක ඉන්න එකෙක් අල්ලන්න දරන වෑයම… මිනිස්සු කුපිත වෙලා ගහගෙන වෙඩි තියාගෙන  ඉන්නකොට මං පලයංකො උං මැද්දෙන් බෙහෙත් ටික එළියට අරන් එන්න… මේවට ආරක්ෂාව දෙන්න ඕනැ   බන්ධනාගාර නිලධාරීන්“

මහර සිද්ධිය ගැන පරීක්ෂා කරන විශේෂ කොමිසම වෙත අද (12)  වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න  කැඳවා සාක්ෂි සටහන් කරගෙන තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ පමා කරන මාර්ග කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් කරයි

Next Post

පේරාදෙණිය සරසවියේත් පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ වේ…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.