සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ පමා කරන මාර්ග කොන්ත්‍රාත්කරුවන් බ්ලැක් ලිස්ට් කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අධිවේගී මාර්ගයේ කටයුතු නිසි ලෙස සිදු නොවන බවට කරුණු දැක්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම නියෝගය සිදු කළේය.

ඒ මහතා මෙසේ නියෝග කරනු ලැබුවේ ඊ්යේ (07) පාර්ලිමේන්තුවේ පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීය.

ඒ අනුව අධිවේගී මාර්ගයේ කටයුතු වහා කඩිනම් කරන ලෙස නියෝග කළ අමාත්‍යවරයා තමන් සමඟ ඉදිකිරීම් කටයුතු නැරඹීමට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා ඉක්මනින් දිනයක් ද ලබා දෙන බව පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදු වුවද දෙවන ගෙවීම සිදු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ අතර වහාම එම ගෙවීම් නතර කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට නියෝග කළේය.

සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන වැඩසටහනට නුසුදුසු ‍කොන්ත්‍රාත්කරුවන් යොදා ගැනීම නිසා ගැටලු රැසක් මතුවී, ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබෙන හෙයින් අදාළ කාල රාමුව තුළ වැඩ අවසන් නොකළ එවැනි කොන්ත්‍රාත්කරුවන්ගේ ගිවිසුම් තහනම් කිරීමටත් එම කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛනගත කරන ලෙසත් අමාත්‍යවරයා නියෝග කළේය.

එම වැඩ අවසන් නොකරන ලද කොන්ත්‍රාත්තු අදාල කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත් කර ඒවා සම්පූර්ණ කිරීම මහාමාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් අංශය වෙත භාරදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නුවරඑළිය පළාතේ මාර්ග සහ යක්කලමුල්ල ප්‍රදේශයේ මාර්ග පිළිසකර දෙන ලෙසද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන සඳහා පිවිසුම් මාර්ග ක්‍රමයක් හඳුන්වාදී එම මාර්ගද කඩිනමින් සකස් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කාරක සභ‍ාවේ අවධානය යොමු කර වූ අතර ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොරොන්දු විය.

මීට අමතරව, වක්වැල්ල,දොඩංගොඩ, යටියන්තොට නගරයේ ඇති ප්‍රධාන පාලම යනාදී පාලම් ප්‍රතිසංස්කරණයටද ,හිමදුම ආසනයේ ඇති විශාල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයද , ගිංගඟ හරහා මාරු විය නොහැකි ගම්වලට පාලම් ලබාදීමද මන්ත්‍රීවරයන් විසින් මෙම කාරක සභාවේ අවධානයට යොමු කරවන ලදි.

‍සෙත්සිරිපාය හරහා උඩහමුල්ල සහ කොස්වත්තට යන මාර්ගය, යටියන්තොට ආසනයේ මාර්ග,පොළොන්නරුව අරලගංවිල මාර්ගය, වැලිකන්දේ සිට සෝමාවතියට යන මාර්ගය, බිබිලේ සිට අම්පාරට පැමි‍ණෙන මාර්ගයද මෙසේ අමාත්‍යවරයාගේ අවධ‍ානයට ලක්වුණු අතර නාගරික ප්‍රදේශවල ඇති කාණු පද්ධති සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන කම්කරුවන්ට සිදු කරන සේවය වෙනුවෙන් දෛනික වැටුපක් ලබාදීමෙන් නිසි ප්‍රමිතියෙන් කටයුතු සිදු කළ හැකි බවත්, නගර අලංකරණය සඳහා විශේෂ වූ ඒකකයක් සකස්කළ හැකිනම් එය වඩාත් යෝග්‍ය බව ද කමිටුවේදී යෝජනා කෙරිණි.

පාර්ලිමේන්තුවේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවති මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රෝගීන් රෝගය හංගනවා.. රෝග පාලනය අර්බුදයක”

Next Post

මහර බන්ධනාගාර ගැටුමට මුල බලධාරීන් කොවිඩ් චක්‍රෙල්ඛ කඩා රැඳවියන් ගෙන ඒමයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.