පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවි දෙපාර්තුමේන්තුව මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව පළමු අදියර යටතේ දිනකට පරීක්ෂණ 80 ක් පමණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පැවසීය..
විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මගින්ද මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා වන මූලික පරීක්ෂණ මේවන විට ආරම්භ කර තිබෙන බවත් එම පීඨයද සම්බන්ධ කර ගනිමින් දෛනිකව තුන්සියය ක පමණ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණයක් කිරීමේ හැකියාව විශ්ව විද්‍යාලය සතු බවත් උපකුලපතිවරයා කීය.
වෛද්‍ය පීඨය මගින් පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරීම සම්බන්ධව අද (08) විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අංශයෙන් පැවරී තිබෙන වගකීමට අමතරව විශ්ව විද්‍යාලයකින් ජනතාවට කළ හැකි සේවය ඉටුකිරීම සඳහා සමාජ වගකීමක්ද තිබෙන බවත් එය නිවැරදිව හඳුනා ගනිමින් මෙම කාර්යයයෙහි නියැලෙන බවත් මහාචාර්යවරයා පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහචාර්ය ආසිරි අබේගුණවර්ධන මහතා මහනුවර ජාතික රෝහල හා ඒකාබද්ධව එහි ක්ෂුද්‍ර ජීවි අංශයේ අධීක්ෂණය යටතේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිපල නිකුත් කරන බවත් සියයට සියය ක්ම පරීක්ෂණ වල ප්‍රමිතිය තහවුරු කිරීමට පියවර ගෙන තිබෙන බවත් ප්‍රකාශ කළේය.