මහබැංකුව සතු රන් සංචිත සියයට 54කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරයි.
නොවැම්බර් මස අවසාන වනවිට ඩොලර් මිලියන 382.2ක් වූ මෙරට රන් සංචිත ප්රමාණය දෙසැම්බර් මස අවසානයේ ඩොලර් මිලියන 175.4ක වටිනානකමක් දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව දෙසැම්බර් මස තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 206.8ක් වටිනා රත්තරන් ප්රමාණයක් අලෙවි කර ඇතැයි හෙළි වේ.