මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා දෑත් දෙපා ගැට ගසා මරා දැමූ ඝාතකයා මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අද (26) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කාන්තාවක් සම්බන්ධයෙන් වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අත්අඩංගුවට ගත් පුද්ගලාගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
ඝාතනය වූ තරුණයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි උපුල් සම්පත් නමැති තරුණයෙකි. ඔහු පසුගිය 17 වෙනිදා අලුයම් කාලයේදී අත් පා ගැට ගසා ඝාතනය කර තිබුණේ විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ලක් තුළදීය







