පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ඉරිතලා යෑමක් නිසා එම ද ගොඩනැගිල්ලට කිසිම අයෙකුට ඇතුළවිම අත් හිටුවා තිබේ.
ඒ අනුව ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන ගිය විදුහලේ 08, 09 සහ 11 වසර පන්ති සඳහා විදුහල් පරිපාලනය මේ වනවිට නිවාඩු ලබා දී ඇත.
මෙම ගොඩනැගිල්ල තුළ පන්ති කාමර 12ක සිසු දැරියන් 600ක් පමණ අධ්‍යාපනය ලබන බව වාර්තා වේ.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ඉන්දික රණවීර අදාළ ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකර ගොඩනැගිල්ලේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සුදුසු බව දැනුම් දී දීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කණ්ඩායමක් අද (06) පාසලට ගොස් එය පරීක්ෂා කර ගොඩනැගිල්ලේ පංති පැවැත්වීම අවදානම් බව දන්වා තිබේ.
එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පංති වල අධ්‍යාපනය ලැබූ සිසුවියන් මාවිල්මඩ රිෂිකලා සෞන්දර්ය විද්‍යාලයට හා මාවිල්මඩ විදුහලට යොමුකර පංති පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් කියයි.