නොරොච්චෝල පොලිස් වසමේ නාවක්කාඩු ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් නිවැසියන් බිය ගන්වා රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ තිස් දෙදහසක් වටිනා මුදල් සහ දේපල කොල්ලට කෑම සම්බන්ධව සැකකරුවන්ගේ හැඩ රුව සහිත චිත්‍ර දෙක්ක පොලිස් මාධය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
පැමිණිලි කරුවන් ලබා දුන් තොරතුරු සහ හැඩරුව අනුව අපරාධ කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් සැකකරුවන් දෙදෙනා චිත්‍රයට නගා ඇත.
මෙම පුද්ගලයින් ගැන තොරතුරක් වෙතොත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුත්තලම කොට්ඨාසය, ( 071 – 8591289), සහකාර පොලිස් අධිකාරී – කල්පිටිය ( 071 – 8591301) ස්ථානාධිපි, නොරොච්චෝලය, ( 071 – 8592126) වෙත දන්වන ලෙස මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.