අසේල කුරුළුවංශ –
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි දැරියක් පාසල තුළදී පිටස්තර පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පාසල තුළ අත්විඳින්නට වූ සිදුවීම සම්බන්ධයෙන් ඇය දෙමව්පියන්ට පැවසීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිසුවිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය. පාසලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී බාහිර පුද්ගලයෙකු විදුහලට ඇතුළු වී තිබෙන බව තහවුරුව තිබෙන අතර ඔහු විදුහලට ඇතුළුයේ කුමන ස්ථානයෙන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
පාසලේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් පසුගිය කාලයේදී ඉවත්කර නවක පිරිසක් බඳවා ගත් බවත් මෙම අනාරක්ෂිත තත්ත්වයක් පාසලේ ඇතිවීමට එයද බලපා තිබෙන බවත් දෙමව්පියෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.







