උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු තරබාරු කාන්තාවකගේ උදරයෙන් මේදය (Fat) ලීටර් 13.5ක් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් ඉවත් කර ගෙන තිබේ මහනුවර පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදු කර ඇත්තේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමකි.
සාමාන්‍යෙයන් මෙවැනි සැත්කම් සිදු කෙරුණද එවැනි අවස්ථාවලදී ඉවත් කෙරෙනුයේ මේදය ලීටර් 4-5 අතර ප්‍රමාණයක් බවත් මෙතරම් විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටක හෝ සිදුව ඇති බවක් වාර්තා වී නොමැති බවද විශේෂඥ වෛද්‍යවරයා ආනනදු ජයවර්ධන පවසයි..
ලිපෝසක්ෂන් (Liposuction)ලෙසින් හැඳින්වෙන උදර කුහරයේ පවතින මේද ඉවත් කිරීමේ සැත්කමට මෙම කාන්තාව ලක් කොට ඇති අතර පැය තුනක පමණ කාලයක් ඊට ගත වූ බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පවසයි.
සැත්කමට ලක් වූ කාන්විතාව 61 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන අතර එක් දරු මවක් වන ඇය අධි රුධිර පීඩනය, අධික තරබාරුව, කොන්දේ වේදනාව හා ඇවිදීමට අපහසු වීම වැනි රෝග තත්ත්ව හේතුවෙන් ඇය දැඩි පීඩාකාරි ජීවිතයක් ගත කරමින් සිට ඇත.මෙයට තෙමසකට පෙර විශේෂඥ වෛද්‍ය ජයවර්ධන මහතා හමුවට පැමිණ තිබෙන ඇය ස්ථුල භාවය අඩු කරන (Bariatric surgery) සැත්කමකට ලක් කරනු ලැබ තිබේ. ඉන් පසු ඇයගේ ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩු වීම නිසා පහසුවෙන් ඇවිදීමට හැකි තත්ත්වයක් ඇති වූ බවත් වෛද්‍යවරයා කීය. සැත්කමෙන් පසුද උදරය තව දුරටත් ඉදිරියට නෙරා එමින් විශාල වීම නිසා උදර කුහරයේ තෙල් ඉවත් කිරීම සඳහා ඊයේ (12) අදාළ සැත්කම සිදු කිරීමට පියවර ගත් බවයි.
ඇය මේ වනවිට කිසිදු සංකුලතාවකින් තොරව සුවෙන් පසුවන බවත් වෛද්‍යවරයා කීය.