දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මණ්ඩපම් අනාථ කදවුරෙන් පලා ගොස් බෝට්ටුවක ආධාරයෙන් යාපනය වෙත පැමිණෙමින් සිටි දෙමළ සරණාගතයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන යාපනයේ වේලනෙයි පොලීසිය වෙත 13 දා බර දී තිබේ.
යාපනයේ පදිංචි මේ දෙදෙනා මීට මාස කීපයකට පෙර ඉන්දියාවට පලා ගොස් එහි සරණාගතභවය ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
ඔවුන් සරණාගත කඳවුරෙන් පලා ගොස් ධීවර බෝට්ටුවක ආධාරයෙන් යාපනය දෙසට පැමිණෙමින් සිටියදී නාවික හමුදාවේ මුර යාත්රාවක සිටි නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
වේලනෙයි පොලීසිය සැකකරුවන් දෙදෙනා කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.