2022 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලයනල් මෙසී ගේ ආර්ජන්ටිනා කණ්ඩායම 2018 ලෝක කුසලානයේ අනුශූරයින් වූ ක්‍රොඒෂියාව පරදවා ගෝල 3-0ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.
කටාර්හි ලුසේල් ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්විනි.
මේ ජයග්‍රාහී ගමනේ දී ලයනල් මෙසී මෙන්ම ආර්ජටිනා සුපිරි තරුණ ක්‍රීඩ ජුලියන් අල්වාරේස් අමතක නොවන පෙළහරක් පෑවේය.
ආර්ජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියක අවසන් වටයට පිවිසෙන්නී සිය පාපන්දු ඉතිහාසයේ හයවැනි වරටය. ඔවුහු 1978 සහ 1986 දී දෙවරක් ලෝක කුසලානය ජයග්‍රහණය කළහ. වර්ෂ 1930, 1990 සහ 2014 දී අනු ශූරයෝ වූහ.
තරගය ආරම්භයේ සිටම අතිශය උද්වේගකාරි විය. ආජන්ටිනාව මෙන්ම ක්‍රොඒෂියාව ද වේගවත් ආරම්භයක් ලබා ගත්තේය.
තීරණාත්මක අවස්ථාව එළඹියේ තරගයේ 32 වැනි මිනිත්තුවේ දීය. ආර්ජටිනා ක්‍රීඩක ජුලියන් අල්වාරේස් පන්දුව දැලවෙත යොමුකිරීමට ආසන්න අවස්ථාවේ දී ක්‍රොඒෂියා දැල් රකින්නා වූ ලිවකොවික් විසින් වළක්වනු ලැබුවේ ඔහුව සිය සිරුරේ ගැටෙන්නට හැරීමෙනි.
විනිසුරුවරයා එම නීති විරෝධී ක්‍රියාව සංඥා කළේය. වීඩියෝ නිරීක්ෂණය කළ සහකාර විනිසුරුවරයා එම තීරණය අනුමත කළේය. දඬුවම් පහරකට අවස්ථාව ආර්ජන්ටිනාවට ලැබිණි. සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී දඬුවම් පහර සාර්ථකව ගෝලයක් බවට පරිවර්ථනය කළේය. ආර්ජටන්ටිනාව පෙරමුණ ගත්තේය.
ඉන් මිනිත්තු කීපයකට පසු යළිත් ආර්ජන්ටිනාව ක්‍රියාත්මක වූයේය. 22 හැවිරිදි ජුලියන් අල්වාරේස් පිටියෙන් අඩක් පමණ දුර පන්දුව එකලාව රැගෙන ගොස් ක්‍රොඒෂියානු දැල් රකින්නා මගහැර විශිෂ්ට ගෝලයක් වාර්තා කළේය.
යළිත් තරගයේ 69 වැනි මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ක්‍රොඒෂියානු ආරක්ෂක වළල්ල මග හැර විශිෂ්ට ලෙස රැගෙන ගොස් ක්‍රොඒෂියාවේ සුපිරි ආරක්ෂක ක්‍රීඩක ජොස්කෝ ග්වාර්ඩියෝල් මගැර අල්වාරේස්ට ලබා දුන් පන්දුව ඔහු ගෝලයක් බවට පරිවර්තනය කළේය. පහත දැක්වෙන්නේ ඒ විශිෂ්ට ගෝලය වාර්තා කළ ආකාරය ය.
තරගය 3-0 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගින් නිමා කරන්නට ආර්ජන්ටිනාව සමත් වූයේය.