අගමැති කාර්යාලය අසල අරගල කරන කෝලාහල කරන කණ්ඩායම්වල අරමුණ නීත්‍යනුකූල ක්‍රමවේදයකින් ජනාධිපතිවරයකු පත් කිරීමේ ක්‍රියාදාමය අවුල් කිරීම සහ ඔවුන්ගේ අපේක්ෂකයා ජනාධිපති කරවීම බවත් තත්ත්වයක් තුළ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සමන්විත කමිටුවකට රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා තමන් වගකීම පවරා ඇති අතර එම කටයුතු අවසන් වු වහා තමන්ට වාර්තා කරන ලෙස තමන් දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය. පවතින තත්ත්වය හමුවේ රටේ නීතිය සමහ සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය ලබා දෙන ලෙසද අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එහිදි තදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාතයවරයා මෙසේ ද පැවසීය
“ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් පසුගිය සඳුදා අපි මුණ ගැහුණා. ඒ අනුව ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා නිල වරණය පැවැත්වීමට සහ මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව සලසා දීමට අපි ප්‍රතිඥාව දුන්නා.එ අනුව යළි සිකුරාදා රැස්වෙන්න තීරණය කර විසිරිලා ගියා. ජනාධිපති අපේක්ෂකත්වයට කැමති අය මන්ත්‍රිවරු සමඟත් සාකච්ඡා කරල අනෙක් අයගේ සහය ලබා ගන්න ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් සිටියා.
.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවෙලා කථානායකට ඉල්ලා අස්වීමේ ලිපිය දෙන බව කීවා. එතුමා රටින් පිටවෙලා අපි ජනාධිපතිවරයෙක් තොරා ගැනීමට පියවර ගත්තත් සමහර බුද්ධි අංශ තොරතුරු ලැබී තිබුණා. අරගලයේ හිටපු සමහර කණ්ඩායම් අගමැති කාර්යාලය අල්ලන්න. ජනාධිපතිට ගුවන් යානයක් දුන්න නිසා ගුවන් හමුදාපති ගේ ගෙදර, යුධ හමුදා, නාවික හමුදා නායකයන්ගේ නිවාස වටලන්න සැලසුම් කර තිබුණ බව.
ඒ වගේම පාර්ලිමේන්තුව වට කරන වැඩක් සංවිධානය කරල තිබුණා. විශේෂයෙන් කතානායකවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සමඟ සාකච්ඡා කරල පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ නිසා පාර්ලිමේන්තුව වටලන්න අවස්ථාවක් ලැබුණේ නෑ.
කණ්ඩායම් කැරලි ගහහනවා කෝලාහල කරනවා. විශේෂයෙන් අගමැති කාර්යාලය වටේ. ඒ අයට අගමැති කාර්යාල වටලන්න කිසිම වුවමනාවක් නෑ. ඒ අයට වුවමනා වෙලා තිබෙන්නේ නීත්‍යනුකූලවැඩ මා වැඩ බලන ජනාධිපති වෙලා, කතානායකවරයාත සමඟ එකතු වෙලා මීළඟ ජනාධිපති නීත්‍යනුකූව තොරන එක නවත්වල තමන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න. සමහරු කියල තිබෙනවා ව්‍යවස්ථාව වැඩක් නෑ පාර්ලිමේන්තුව වැඩක් නෑ අපි කියන දේ කරන්න කියලා.
පරමධිත්‍යයත් ව්‍යවස්ථාවත් සමහරු වුවමනා නෑ කියනවා. පැසිස්ට්වාදී දෙශපාලනය පතුරුවන පක්ෂ දේශපාලකයෝ එකතු වෙලා තිබෙනවා. ඇඳිරි නීතිය සහ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ මට උපදෙස් දන්නා. ඒ දෙක මම ක්‍රියාත්මක කරනවා පැසිස්ට්වාදී තර්ජනය නැති කරන්න ඕන. රටේ ජනාධිපති මන්දිරය අගමැති කාර්යාල යා ජනාධිපති කාර්යාලය ආරක්සා කරන්න ඕන.
හදිසි නීතිය අඳිරි නීතිය පනවල තත්ත්වය පාලනයට ගන්න කියල පොලිස්පති තුමත් ත්‍රිවිධ හමුදාවත් කමිටුවකට සම්පූර්ණ බලතල දී තිබෙනවා. මෙ කටයුතු අවසන් කොට මට වාර්තා කරන්න කිව්වා. මෙතන කිසිදු දේශපාලන ඇගිලි ගැසීමක් නෑ. නීතිය හා සාමය ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.









