බල ලෝභය වෙනුවෙන් උම්මන්තකයින් ලෙස හැසිරුණු මිනිසුන් සැමදාම මෙරට විනාශයට ඇදගෙන ගිය බවත් සැබෑ ජන විරෝධයට ආයුධවලින් පිළිතුරු සෙවීම නොකරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින බවය.
රටේ ජනතාවත්, අරගලයේ නිරත වන ජනතාවත් ආරක්ෂා කිරීම මේ මොහොතේ ආරක්ෂක අංශයේ වගකීම බවත්, නිරායුධව අරගලයේ නිරත දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් සිදු නොකරන ලෙස තමා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මෙ නිවේදනය පහත දැක්වේ.










