දිනසේන රතුගමගේ –
මන්නාරම මඩු මාතා කුඩා දේවස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කේ.ජොනාර්තනන් පියතුමා 7 දා සවස සිදු වූ රිය අනතුරකින් ස්වර්ගස්ත වී තිබේ.
තලෙයිමන්නාරම දේවස්ථානයක යාඥා මෙහෙයකට සහභාගී වී ආපසු මන්නාරමට යාම පිණිස පියතුමා සිය යතුරු පදියෙන් තලෙයිමන්නාරම – මන්නාරම මාර්ගයේ ගමන් කරමින් සිටියදී කට්ටුකරෙයි ප්‍රදේශයේදී යතුරු පැදිය පෙරළී යාමෙන් උන්වහන්සේ බරපතල ලෙස තුවාල ලබා ඇත.
මාර්ගයේ සිටි පිරිසක් උන්වහන්සේව වහාම මන්නාරම රෝහල වෙත රැගෙන විත් ඇතත් ස්වල්ප වේලාවකට පසුව පියතුමා මෙලොව හැර ගොස් තිබේ.
පියතුමාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මන්නාරම රෝහලේ තබා ඇත.
ස්වර්ග







