දිනසේන රතුගමගේ –
දින තුනක් තිස්සේ මන්නාරමට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා අද 5 දා උදෑසන වන විට මන්නාරමේ ප්‍රදේශ කීපයක් ජලයෙන් වී පවුල් 89 ක් විපතට පත්ව සිටිති.
මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ මන්නාරමේ සවුත් බාර් ජිම්රෝන් නගර් ශාන්තිපුරම් යන ප්‍රදේශවල පහත් බිම්හි පිහිටි නිවාස ජලයෙන් යට වී ඇති බවයි. ඔවුන් තාවකාලිකව වෙනත් ආරක්ෂක ස්ථාන කරා ගොස් තිබේ.
තව දුරටත් මන්නාරමට වර්ෂාව ඇද හැලුනහොත් තත්ත්වය ඉතා අසිරු වන බව මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දැනට විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන සලසා දීමට රජය පියවර ගෙන තිබේ.







