සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන ගණන් වත්කම් ගැන ඇසූ පුශ්නවලට නිරූපමා නිරුත්තරයි!

ICIJ මාධ්‍යවේදීහු සියලු දේ ලෝකයට හෙළි කරති...

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Nrupama-Rajapaksha
Share on FacebookShare on Twitter

රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පේපර්ස් හි නම සඳහන් වුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියකවන නිරූපමා රාජපක්ෂ   ප්‍රතිලාභ ලබන පැසිෆික් ට්‍රස්ට් නම් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවක් පැවති බවත් ඒ අතර ශ්‍රි ලාංකික සුප්‍රකට චිත්‍ර ශිලිපියකු  ජෝර්ජ් කීට්ගේ සහ ඉන්දීය ප්‍රකට සිත්තරකු වන රාජ් රවි වර්මා ගේ  තිබුණු චිත්‍රවල වටිනාකම ඩොලර් මිලියන හතරකට අධික  බවත් පැන්ඩෝරා පේපර්ස් හෙළි කරයි.

පැන්ඩෝරා පේපර්ස් ලේඛනය සකස් කළ ඇමෙරිකාව පදනම් කර ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය ICIJ විසින් මේ පිළිබඳව විමසා ඇති අතර ඊට පිළිතුරු දීමට නිරූපමා රාජපක්ෂ  හෝ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ඉදිරිපත්ව නැති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

ICIJ මාධ්‍යවේදීන් නිරූපමා රාජපක්ෂට සහ නඩේසන්ට මෙම ප්‍රශ්නවල පිළිතුර දීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා තෙක් කාලය ලබා දී තිබුණද එසේ පිළිතුරු ලබා දී නැත. මෙම මාධ්‍යවේදීන් නිරූපමා රාජපක්ෂගෙන් විමසා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් වටිනා චිත්‍ර එකතුවකට හිමිකම් කියන  පැසිෆික් ට්‍රස්ට් නම් සමාගමේ ප්‍රතිලාභ ලබන්නකු ලෙස ඇයගේ නම සඳහන් වන බවට වාර්තා මඟින් තහවුරු වී ඇති බවත් මය සත්‍යයක්දැයි යන්නත්ය.

එසේම මෙම සමාගමට තමන්ගේ පවතින සම්බන්ධය පිළිබඳව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස නිත්‍යනුකූලව හෙළි කළ යුතු වුවද එසේ හෙළි නොකළේ මන්දැයි ප්‍රශ්න කර ඇත. එසේම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකු ලෙස සිටින කාලය තුළ තම සවාමියාට අයත් සමාගම් ගණනාවක ප්‍රතිලාභ ලබන්නියක ලෙස ඇයගේ නම සඳහන් වන අතර එයින් එක් සමාගමක් වන රොසෙටි නම් විදේශයක ලියාපදිංචි සමාගමේ පාලන පක්ෂයේ සිටි බවට තහවුරු වන ලිපි ලේඛන තමන් සතුව ඇති බවත් එම සමාගම විසින්  මඟින් ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර සහ එංගලන්යේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ ඉඩම් මිලදී ගෙන ඇති බවත්  දන්වා ඒ පිළිබඳව   ඇයගෙන් විමසා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුතුමාර් නඩේසන් ගෙන් ද පැසිෆික් ට්‍රස්ට් සමාගම සතු චිත්‍ර මිලදී ගැනීම් සම්බන්ධව  විමසා ඇත. මෙම චිත්‍ර පැසිෆික් ට්‍රස්ට් නම් සමාගම මගින් මිලදී ගැනීමේ කතාව සත්‍යයයක්ද ඒවා දැනට බදු නිදහස සහිත ජිනීවා ගබඩාවක් තැනපත් කර ඇත්තේ ඇයි ද යන ප්‍රශ්න විමසා තිබේ. ඔවුන් මේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දී නැති බව සදහන් වේ.

2015 වසරේදී තිරු නඩේසන්   විසින් ඔහුට අයත්ව තිබූ සමාගමක් වන ඒසියාසිටි නම් සමාගමකට යැවූ ලිපියක් මගින් දන්වා තිබුණේ තම සමාගම් අරමුදල් ලැබුණු ආකාරය ඉදිරියේදී ප්‍රශ්නගත විය හැකි බවය.  එම  සමාගම සතුව පවතින තම වාර්තා කුරියර් සේවාවක් මගින් එවන ලෙසට කළ දැනුම්දීම පිළිබඳව සාක්ෂි තමන් සතුව පවතින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසද මෙම මාධ්‍යවේදීන් ඔහුගෙන් ඉල්ලා ඇත.

එසේ වුවද ඔහුගෙන් මේ පිළිබදව තොරතුරු ලැබී නොමැති බව පැන්ඩෝරා පේපර්ස් වාර්තාවල සඳහන් වෙයි.  මීට අමතරව තිරු නඩේසන්ගේ ගනුදෙනු සහ සමාගම්වල අරමුදල් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ICIJ  මාධ්‍යෙව්දීන් විසින් අසනු ලැබ ඇති අතර ඒවාට පිළිතුර දීමට ඔහු සමත්ව නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම ආපදාවක… පවුල් 89ක් විපතේ…

Next Post

“ඇන්ටිජන් මෑන් “ ගෙ “නාග ධාතු පත්තරේ“ දාපු “ඩීල් නිවුස් එකක්“ ගැන මනුෂ කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

Comments 1

  1. ගොඩක්. Amarasinha says:
    වසර 5ක් ago

    ඇත්ත ලංකාවට පළාත් සභා අවශ්‍ය නැත.විශාල වියදම් පමණයි. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් වියදම් අඩු එකක් චන්ද නැතුව පාලන ක්‍රම යොදා නොගත්තේ නම් අපේ රට හාන්සි තමයි.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.