සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් සිදු කරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ දී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරන පුද්ගලයින්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන බලපෑම් හේතුවෙන් තමන්ට ස්වාධීනව ඡන්දය භාවිතා කිරිමට නොහැකි බවට මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් වැඩබලන ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති ධූරය සඳහා පොහොට්ටුවේ නිල අපේක්ෂකයා ලෙස තරග වදින වැඩ බලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ නිවාස හානි වූ සියලුම මන්ත්‍රීවරුන්ට දුරකථනයෙන් අමතා ඔවුනගේ නිවාස සම්පූර්ණයෙන් සදා නිම කරදීමට සූදානම් බව දන්වා ඇස්තමේන්තු ඉල්ලා ඇත.
මේ ප්‍රවෘත්තියත් බලන්න…
මැයි 09 ගිනි තැබූ සියලු නිවාස සම්පූර්ණයෙන් ඉදි කර දෙනවා.. වැ.බ. ජනාධිපතිගෙන් පොහොට්ටුවට පොරොන්දුවක්!