සුජිත් හේවාජුලිගේ –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.









