පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් නීතිය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති බවත් එය රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය.
කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවට එක් වෙමින් ඔහු පැවසුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයින්ට සහ ඔවුන්ගේ කාලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම් අහෝසි කිරීමට පසුගිය 2025 ජූනි මස 16 වැනිදා අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයට එළඹ තිබිණි.
ඒ අනුව ජාතික රාජ්‍ය සභාවේ 1971අංක1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වූ නීති කෙටුම්පතක් සකස් කර ඇති බවත් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.







