බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලය බුද්ධ ප්‍රතිමා සිද්ධිය සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්….

by editor
නොවැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට අදාල සිදුවීමේ දී පොලිසිය අතින් යම් නීති විරෝධී කටයුත්තක් සිදුවී ඇතිදැයි  සොයා බැලීමට  පොලිසිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු මේ බව පවසන්නේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මාධ්‍ය විමසා සිටියේ වසර 71 පැරණි විහාරයක දශක 05කට වඩා කාලයක් දහම් පාසලක් පැවැත්වූ විහාරයක, නිත්‍යානුකූල ඔප්පු සහිත භූමියක පවත්වාගෙන ගිය විහාරයකට ඇතුළු වී පොලිසිය කළ මෙහෙයුමට හේතුව වන්නේ වෙරළ ආරක්ෂක සංගමය නැමැති සංගමයක් විසින් කළ පැමිණිල්ලක් බවය. මේ සංගමය කුමක් දැයි මාධ්‍ය ප්‍රශ්න කළේය. මේ හැසිරීම අනුමත කරන්නේ දැයි ඔවුන් විමසුවේය.

මීට දීර්ඝ පිළිතුරක් ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේ මාස කීපයක් තිස්සේ ප්‍රදේශය තුළ වර්ධනය වෙමින් තිබූ තත්ත්වයක් පිළිබඳව අවබෝධයකින් තොරව එක් සිද්ධියක් කපා වෙන් කරගෙන වාර්තා කිරීම මාධ්‍ය විසිනුත් නොකළ යුතු බවය.  මේ ප්‍රතිමාවහන්සේ තිබුණ ස්ථානයෙන් රැගෙන ගියේ රටේ ඇතිවන්නට ගිය බරපතල තත්ත්වයක් සමන් කිරීමට බවත් එවැනි තත්ත්ව ගණනාවක් පසුගිය වකවානුව තුළ රජය විසින් වැළැක්වූ බවත් පෙන්වා දුන් ඇමතිවරයා මේ සිද්ධිය උපයෝගී කරගෙන ඇතැම් ගර්හිත දේශපාලන බලවේගවලට යළි ජාතිවාදය ඇවිලවීමට ඉඩ නොදෙන බවට ද සහතික වුනේය.

ඇමතිවරයා කළ පැහැදිලි කිරීම මෙසේය.

“වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම තමන්ගේ රක්ෂිත සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම. ඒක ලංකාවේ හැම තැනකම අධිකරණ නියෝග ලබා ගනිමින් කඩා ඉවත් කිරීම සිදුවෙනවා. ඒක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කටයුත්තක්.”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“පොලිසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවන ආකාරයට හෝ සාමය බිඳ වැටෙන ආකාරයේ කටයුතුවලට පොලිසිය ඉඩ දෙන්නේ නෑ. මෙතන සිද්ධිය ඔබත් දන්නවා. මෙතන තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා කෙටි කාලීන අවසරයක් ලබා දීලා තිබුණා යම් යම් නිර්නායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරේ තමයි බුදු පිලිම වහන්සේ මෙතෙන්ට වැඩම කරලා තිබුණේ.”

“සාමාන්‍යයෙන් අපේ රටේ ඉතිහාසයකුත් තියනවා බුදු පිළිම වහන්සේ නමකට හානි කළාට පස්සේ ඒ තුළින් මතුවන ජාතිවාදී කෝලාහලය මොනතරම් දුර දිග යන්න පුලුවන් ද කියන එක. ඒක මාධ්‍ය වේදීන් වශයෙන් ඔබ හොඳ හැටි දන්නවා. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සහ බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ඒ වැඩේ කළා.”

“දැන් මේ වනවිට ඊලඟ නඩු දිනය පැවැත්වෙනවා නොවැම්බර් මාසේ 26 වැනිදා ත්‍රීකුණාමලය අධිකරණයේ දී. පොලිසිය විසින් වාර්තා කරන ලද කරුණු අනුව මහේස්ත්‍රාත්වරයා මේ වන විට මේ සිදුවීමට අදාල සියලුම කරුණු හා සාක්ෂි සටහන් කරගන්නත්, ඒ වගේම දැනට යම් යම් පාර්ශව ඉදිරිපත් කරලා තියන ලිපිලේඛණවල අනන්‍යතාවය තහවුරු කරගන්නත් 2025/11/26 දින දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකළ යුතු බවටත් අධිකරණය පැත්තෙන් කරුණු ඉදිරිපත් කරලා තියනවා.”

“ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යොදවලා තියනවා.”

“ඒ වගේම මේ ස්ථානයේ දී අපේ හාමුරුවන්වහන්සේ නමකට සිදුවුනා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් පොලිස්පති තුමාගෙ පැත්තෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේක තමයි දැන් එතන තියන තත්ත්වය. මේක දැන් අධිකරණය දක්වා ගිහින් තිබෙන්නේ. ඒ වගේම මේකට අදාල සියලුම පාර්ශව සාකච්ඡා කරමින් ඉන්නවා අපේ හාමුදුරුවන්වහන්සේලා එක්ක. මීට අදාල කටයුතු සිදුවෙනවා.”

“මේ කටයුතු සිදුවන්නේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා… මේ සිදුවීම පදනම් කරගනිමින් කිසිසේත්ම තමන්ගේ සිහින දේශපාලන මාවත විවර කරගන්නට රජය ඉඩකඩ ලබා දෙන්නේ නෑ. මේක පාවිච්චි කරලා තමන්ගෙ දේශපාලන ගමන හදාගන්න, රැස්වීමට සෙනග ගෙන්වා ගන්න, රැස්වීමට බස් ගෙන්වා ගන්න බලාපොරොත්තුවන කණ්ඩායම් ඉන්න පුලුවන්.”

“ඒවට රජය කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. මේවයෙන් පටන් අරන් දැවැන්ත භේද කිරිම් දක්වා අපි ඕන තරම් අවස්ථාවලට මුහුණ දී තියනවා රටක් හැටියට. ආයේ ඒ සිදුවීම් වෙන්න තියන්නේ නෑ. ඒ නිසා තමයි මේ බුදුපිළිම වහන්සේ එතනින් ඉවත් කරගැනීමට කටයුතු කළේ. ”

“යළිත් බුදු පිළිමවහන්සේ නම එම ස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු කරලා තියනවා. මේ සම්බන්ධයෙන් නොවැම්බර් 26 වැනිදා අධිකරණය කටයුතු කරන ආකාරය ගැන අපි බලාගෙන ඉන්නවා.”

මාධ්‍ය – මෙතනදි අපි ප්‍රශ්න කරන්නේ පසුබිම් කතාව දන්නවා. නීත්‍යානුකූල පසුබිමක් තියන පොලිසියට නීත්‍යානුකූළව හැසිරෙන්න පුලුවන් තත්ත්වයක් තියන කතාවක් එතන තියෙන්නේ. අපි ප්‍රශ්න කරන්නේ පොලිසියේ හැසිරීම. රජයක් විදිහට, ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට පොලිසියේ හැසිරීම ඔබ අනුමත කරනවා ද? ඒ වගේම ඔබ කියනවා මේ සිද්ධිවලින් ප්‍රයෝජන ගන්න වෙනත් දේශපාලන කඳවුරුවලට ඉඩ දෙන්නේ නෑ කියලා. නමුත් පොලිිසය තමයි මුතු කුඩය කඩලා වැටවල් ගලවන් ඇවිත් බලහත්කාරයෙන් පිළිම අරන් යන්නේ… වෙනත් කඳවුරු වලට උත්තේජනය දෙන්නේ පොලිසිය විසින්මයි. එතකොට ඔයිට වඩා වැදගත් විදිහට පොලිසියට බැරිද ආරක්ෂාවක් ලබා දෙන්න.”

“මේ සම්බන්ධව පොලිසිය පැත්තෙන් වරදක් වෙලා තියනවා නම් පරීක්ෂණයක් කරලා අදාල ක්‍රියාමාර්ග ගන්නවා. මාධ්‍ය ආයතනයක් ලෙස ඔබේ මාධ්‍ය වේදීන්ට කියන්න කාරණයක් තියනවා. සිදුවීම් දාමයක එක තැනකින් කඩලා ප්‍රශ්නයක් ගත්තට පස්සේ විකෘති චිත්‍රයක් ඇති වෙන්න පුලුවන්. මොකද මාස ගණනක් තිස්සේ වර්ධන වෙච්චි සිද්ධියක එක් අවස්ථාවක් තමයි ඔය පෙනුනේ. ”

“නැවත වරක් මම කියන්නේ. අලුත් අලුත් සිදුවීම් අවශ්‍ය නෑ. බුදු පිළිම වහන්සේට හානි කිරීම ප්‍රමාණවත් මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්නට. ඒකට අවස්ථාවක් පාදන්න එපා. ජනතාව තුළ යම් තැනක ඇති වෙලා තියනවා නම් ආවේගශීලී හැඟීමක් ඒක සමහන් කරන තැනට වැඩ කරන්න. ඒකට ඉන්ධන දාලා පෙට්‍රල් දාලා අවුලුවන තැනට ගෙන යෑම නෙමෙයි අපේ වගකීම.”

මාධ්‍යය – මේ සිදුවීමට ඒකාබද්ධ විපක්ෂයේ සහායක් තියනව ද? විපක්ෂ නායකවරයාත් අද ප්‍රශ්න කරනවා මේ ගැන. පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරුවන්න නොදීම රජයක වගකීම. මහින්ද රාජපක්ෂගේ උපන් දිනයත් අද. දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් දියත් වෙනවා මේ පසුබිමේ….

අපි ඒ ගැන අවබෝධයෙන් ඉමු. මේක ආරක්ෂක අංශවල, බුද්ධි අංශවල පමණක් වගකීමක් නෙමෙයි. සමස්ථ රටේ ජනතාවටම මේ සිදුවන දේ ගැන අවබෝධයෙන් හිඳීමේ වගකීම තියනවා. ඕනෑම තැනක සිදුවීමක් වෙන්න පුලුවන්. විවිධ ආගම්වලට අයත් පුරවැසියන් අතර ගැටුම් ඇති වෙනවා. දේශපාලනිකව ගැටුම් ඇති කරන්නේ ඉහළ අය. ඒවා ගැන පාඩම් අලුතින් ඉගෙන ගන්න ඕන නෑ.

මේ රජය බලයට පත් වුන නොවැම්බර් 18 සිට මේ දක්වා මෙවැනි සිද්ධි ගණනාවක් ඇති වුනා. එහෙම උත්සාහ කළා. මේ ජාතිවාදී සහ ආගමික ගැටුම් නැති කරන්න පවතින නීති උපයෝගී කරගෙන කටයුතු කරනවා. ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොදීම රටක වගකිමක්. මේ සම්බන්ධව තෛනිකායිකය මහා නායක හිමිවරුන් සමග අප සාකච්ඡා කරනවා. උන්වහන්සේලා සමග සාමකාමීව කටයුතු කරනවා. ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග සාකච්ඡා කරනවා. වගකීම් දරන වෙරළ සංරක්ෂණ දෙපාරත්මේන්තුව, පොලිසිය, පරිපාලන අංශ ඇතුළු සියලුම කොටස් සමග සාකච්ඡා කරමින් අපි මේ ප්‍රශ්නය විසඳනවා.”

ඇමතිවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි සැරියෙන් සමුගනී!

Next Post

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සූදානම්… ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.