මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සිව් වසරක් IPL ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගියවර ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
IPL තරග ඉතිහාසයේ 16වැනි තරගාවලිය වූ මෙම තරගාවිලේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වේ. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙයය.
පළමු අවසන් පූර්ව තරගයේදි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් පරාජය කළේය. ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමෙනි.
අවසන් පූර්ව තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින් ගුජරාට් ටයිටන්ස් අවසන් පූර්ව තරගයට පිවිසුනහ. .
16 වන වරට පැවත්වෙන මෙවර IPL තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL අවසන් මහා තරගයට එක්වන්නේ 10වන වරටය.
ඔවුන් අවසන් මහ තරගයට පිවිසි අවස්ථා 10න් 4කදීම ශුරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.
චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයින් දෙපළ බවට පත්ව ඇති මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිලේ ප්‍රධාන තුරුම්පු බවට පත්ව තිබීමද විශේෂත්වයකි.
එමෙන්ම නව කණ්ඩායමක් ලෙස ඉකුත් වසරේදි IPL තරගාවලියට එක්වූ ගුජරාට් කණ්ඩායම සිය පළමු නියෝජනයේදීම ඉකුත් වසරේදී ශූරතාව දිනා ගත්තේ ප්‍රබල IPL කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින්ය.