දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මගී නෞකාවක් සිය ජාත්‍යන්තර මංගල ගමන ජූනි මස 7 වෙනිදා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.
සංචාරකයින් පිරිසක් රැගෙන පැමිණෙන ” කෝර්ඩෙලියා” Cordelia නැමති මෙම මගී ප්‍රවාහන නෞකාව දැනට ඉන්දියාවේ අභ්‍යන්තර මුහුදු ගමන් සදහා පමණක් භාවිත වන අතර සිය මංගල ගමන ශ්‍රී ලංකාවේ ජනධිපති රනිල් වික්‍රමසිංහ අතින් දියත් කරවීමටද එම නැව් සමාගම බලාපොරොත්තු වෙයි.
මංගල ගමන සදහා ජූනි මස 5 වෙනිදා චෙන්නායී වරායට පැමිණෙන මෙම නෞකාව ජූනි මස 7 වෙනිදා ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරණ අතර එම ගමන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරම්භ කිරීමට යෝජිත මගී බෝට්ටු සේවාව නොවන බවද මෙම චාරිකාව සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ පියවරක් බවද ”කෝර්ඩෙලියා” Cordelia නැමති නෞකාව අයත් සමාගම ප්‍රකාශ කරයි.
මංගල ගමන සාර්ථක වුවහොත් ඉදිරියේදී යුරෝපයේ සිට ඉන්දියාවට පැමිණ ඒ හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රවාහනය කරවීමට තම සමාගම මෙවැනි චාරිකා සංවිධානය කරණ බවද එම සමාගම ප්‍රකාශ කරයි.