මත්ද්‍රව්‍ය වලට ඇබැබැහි වූ තරුණ තරුණියන්ට අධි මාත්‍රාවෙන් යුත් වේදනා නාශක පෙති අළෙවි කළ බව කියන පේරාදෙණිය රෝහලේ සේවයේ නියුතු 48 හැවිරිදි වෛද්‍යවරයෙකු ඇත්ගාල පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෛද්‍යවරයා අධික මිල ගණන් අය කරමින් මත්පෙති අළෙවි කරන බවට ලද තොරතුරු මත පොලීසිය සති කිහිපයක් තිස්සේ ඒ පිළිබඳ විමසිල්ලෙන් සිට උපාය දූතයෙකු යොදවා ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වෛද්‍යවරයා සතුව වේදනා නාශක පෙති 1600 ක පමණ ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.
ෙසැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ගෙළිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ ඇත්ගාල පොලීසිය පරීක්ෂණ පවත්වයි.







