මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින පොලිස් නිලධාරීන් හදුනා ගැනීමට ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.
මත්ද්‍රව්‍ය භාවිතයට පොලීසියේ නිළධාරීන් යම් සුළු ප්‍රමාණයක් ඇබ්බැහිවී සිටින බැවින් ඒ අය හදුනාගෙන ඔවුන්ව පුනරුත්තාපනයට යොමු කිරීම ඉලක්කරගෙන මෙම වැඩ පිළිවෙල දියත් කෙරෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
“ පොලීසියේ විතරක් නෙමෙයි. හමුදාවලත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහැ වූ නිලධාරීන් ඉන්නවා. මේ හැමෝම සිවිල් සමාජයේ ජීවත්වන අය. මේ අය නීතිය වගේම ආයුධ භාවිතය ගැන දැනුමක් තියෙන උදවිය. ඒ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය සමඟ වැරදි ක්‍රියා සදහා යොමුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන්ව හදුනාගෙන පොලීසියෙන් එළවා දැන්නත් බැහැ. එතකොට තත්ත්තවය දරුණු වෙනවා. ඒ නිසා එවැනි නිලධාරීන් හදුනාගෙන මුලින්ම කළ යුත්තේ ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමයි“ යැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.







