අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අදත් පාර්ලිමේන්තුව උණුසුම් කළ ගෑස් ඇවිලිල්ල….

by editor
නොවැම්බර් 30, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ගෑස් කතාව අදත් පාර්ලිමේන්තුවේ හොඳටෝම පත්තු වුනේය. පාර්ලිමේන්තුවේ මෙම සංවාදය ඇතිවන්නට පෙර කැබිනට් තීරණ දැනුම් දීමට එක් වී සිටි ජනමාධ්‍ය ඇමති ඩලස් අලප්පෙරුම විශේෂ ප්‍රකාශයක් කරමින් ගෑස් ප්‍රශ්නය පිළිබඳ හා ගෑස් නියාමනය සඳහා ආයතනයක් නොමැති වීම ගැන රජයක් ලෙස කනගාටුව පමණක් නොව, ලැජ්ජාවට ද පත්වන බව  කීවේය.

ජනතාව බියවී සිටින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ආයතන, විෂය භාර අමාත්‍යාංශ මෙන්ම අදාළ සියලුම පාර්ශ්ව ජනාධිපතිවරයා විසින් කැඳවා ඒ පිළිබඳ සොයාබලා ඉදිරි පැය 48 තුළ තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවට අපේක්ෂා කරන බව හෙතෙම කීය.

විපක්ෂ නායකවරයාගේ ගෑස් ප්‍රශ්න

පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවාදය ආරම්භ වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27/2 යටතේ  පාරිභෝගික කටයුතු ඇමතිවරයාව දීර්ඝ ප්‍රශ්නකිරීමටක ලක් කරමිනි.

පසුගිය දින දෙක තුළ ගෑස් පිපිරීම් 11ක් වාර්තා වන බවත්, පාරිභෝගිකයන් ලක්ෂ 60ක් මේ තත්වය තුළ බරපතල අර්බුදයකට පත් වී ඇති බවත් කී විපක්ෂ නායකවරයා   සිය ප්‍රශ්න 05 පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

  1.  ගෘහස්ථ පාරිභෝජනය සඳහා වෙළෙඳපලට නිකුත් කරන ගෑස් සිලින්ඩරයක ගෑස් සංයුතිය සම්බන්ධයෙන් දැනට  ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශ විසින් නිකුත් කර ඇති ප්‍රමිතය කවරේ ද?. එහි ප්‍රොපේන් බියුටේන් සංයුතියේ ප්‍රමිතිය ප්‍රකාශ නොවන්නේ නම් දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ප්‍රමිතීන් ගෑස් සැපයුම සිදුකරන ආයතන දෙකම අනුගමනය කරන බවට රජයට සහතික විය හැකි ද? ඒ සම්බන්ධයෙන‍්  මේ වසරේ සිදුකළ පරීක්ෂණ වාර්තා, ඉන්ටර්ටෙක් වාර්තා ඇතුළුව සභාගත කරන්නේ ද?
  2. 2021 ජනවාරි 01 සිට අද දක්වා මේ සමාගම් ගෑස් ආනයනය සඳහා කළ ඇණවුම් කවරේ ද?, එසේ මිල දී ගත් රටවල් හා ආයතන කවරේද?. ඒවාගේ සම්පූර්ණ පිරිවිතරයන් හා තොරතුරු සභාගත කරන්නේ ද?. එම එක් එක් අනවුම් වෙනුවෙන් ප්‍රොපේන් බියුටේන් සංයුතිය සභාගත කරන්නේද නොඑසේ නම්, එසේ නොකරන්නේ මන්ද
  3. ඒ අනුව 50 – 50 සංයුතියෙන් මෙරටට ගෙන්වූ ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණ ද?. එම සංයුතියේ ගෑස් සිලින්ඩර කොපමණප්‍රමාණයක් වෙළෙඳ පලට නිකුත් කළේ ද?. ඒ සියල්ල මේ වනවිට වෙළෙඳපලෙන් ඉවත් කර තිබේ ද. ඒ සම්බන්ධව රජයට සහතික විය හැකි ද
  4. ප්‍රමිතියෙන් තොර වීම නිසා වෙළෙඳපලෙන් ඉවත් කළ ගෑස් සඳහා සිදුවූයේ කුමක් ද?. ඒ සියල්ල විනාශ කළේ ද? ප්‍රතිනැව්ගත කළේ ද?. නැතිනම් වෙනත් කාර්යයක් සදහා යොදා ගත්තේ ද?. මේ ගෑස් ශ්‍රී ලංකා භූමියෙන් ඉවත් කළ බවට විගණනයක් කර ඇත් ද?.එම විගණන වාර්තාව සභාගත කරන්නේ ද?. නොඑසේ නම් මන්ද?
  5. බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් නියමිත පරිදි  වෙළෙඳපලින් ඉවත්වීම හෝ වෙළෙඳපලට මුසු වීම එම ගෑස් පිරවූ අවස්ථාවේ හෝ මේ පිපිරවීම් ඇතිවීමේ ඉඩකඩක් ඇතිවිය හැකියි. වර්තමාන රජය විසින් මේ වනවිට අකර්මණ්‍ය කළ තෙල් පිරිපහදුවේ මේ වනවිට භාවිත නොකරන රසායනාගාරය හා වෙනත් සුදුසු රසායනාගාර භාවිතා කර කඩිනමින් සැලකිය යුතු සාම්පල පරීක්ෂාවක් දිවයින පුරා සිදුකිරීම සුදුසු නොවේ ද? එසේ නම් එය සිදුනොකරන්නේ මන්ද?

මේ ප්‍රශ්නය ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක්.  බාල ගෑස්, ගෑස් මිශ්‍රණ, ගෑස් සිලින්ඩරය සම්බන්ධ ප්‍රශ්නයක් තියනවා.  මේ අවස්ථාවේ දී       සාම්පල පරීක්ෂණ 26යි කරලා තිබෙන්නේ. දෛනිකව අසූ පන්දහසක් – ලක්ෂයක්  සිලින්ඩර වෙළෙඳ පලට නිකුත් කරනවා.“

මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් යෝජනා කරනවා.  මේ ගෑස් පිරවුම් මධ්‍යස්ථාන වෙත ගොස් ගෑස්   සාම්පලවල සංයුතික  පරීක්ෂාවට   පරීක්ෂා කරන්න.

මධ්‍යකාලීනව  ගෑස් සිලින්ඩරවලට ගුණාත්මක බව ගෑස් ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කරන වැඩපිළිවෙළක් මගින්  සිලින්ඩර දස දහසකට එකක් වන පරිදි  ගෑස් සිලින්ඩර400ක සාම්පල් පරීක්ෂා කරන්න.

දීර්ඝ  කාලීනව  ගෘහස්ථව දැනට බෙදා හැර ඇති ගෑස් සිලින්ඩර පරීක්ෂා කරන්න. නොගැලපෙන ගෑස් සංයුතීන් ඉවත් කර මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දමා මේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් ගැන  නීතිය හමුවේ ලබා දිය  යුතු දඬුවම් ලබා දෙන්න.

රාජ්‍ය ඇමතිවරයාගේ උත්තරය

මීට පිළිතුරු දීම ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේ  විපක්ෂ නායකවරයා කළ යෝජනා බෙහෙවින්ම අගය කරන බවත් මේ වනවිටත් ඒ ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති බවත්ය.  ඇමතිවරයා කීවේ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග එය ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කළ නොහැකි බවය.

“හැමදේම මෙතන කියන්න බෑ. අධිකරණයට යන්න උනොත් මොකද කරන්නෙ. අපි ඉන්නෙ සමාගම් පැත්තෙ නෙමෙයි. ජනතාව පැත්තෙ. “

“රටේ මතය ගියෙ ගෑස් පිපිරුමක් නිසා  කාන්තාවක් මැරුණා. ඇය සියදිවි හානිකරගෙන කියලා පොලිසිය ඊයේ වීඩියෝවක් නිකුත් කළා. නිවැරදි කරුණු මෙතනත් කතා වුනේ නෑ. මම වගකීමකින් කියන්නෙ රට ඇතුළෙ එකම  ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගියෙ නෑ.“

ඒත් අප පිළිගත යුතුයි. විශාල ප්‍රශ්නයක් තියනවා.   ඒ සම්බන්ධව ජනාධිපතිතුමත් කතා කළා. එතුමත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරනවා. අපි පැය 24ම වැඩ. රටට ගෑස් සම්බන්ධ ගෙන්වන   සමාගම් කැඳවනවා. ගෑස් භාවිත කරන උපකරණ ගෙන්වන සමාගම් කැඳවනවා.

අපි විශේෂයෙන් කියන්න ඕන. ලීටර 18 ගෑස් සිලින්ඩර අද වෙළෙඳපලේ නෑ. එය ඉදිරිපත් කිරීමයි වංචනික ක්‍රියාවක් වුනේ. වංචාව ගෑස් ප්‍රමිතිය 50 -50 බවට පත් කිරීම නෙමෙයි. බර අඩු කර වැඩි මිලට විකිණීම. අපි ගැසට් නිවේදනයක් නිකුත් කරලා කිව්වා සෑම ගෑස් සිලින්ඩරයකම  කිලෝ  ග්‍රෑම් ප්‍රමාණය සඳහන් කරන්න කියලා

ඒ වගේම ඉන්ටර්ටෙක් පරීක්ෂණ  වාර්තා ගෙන්වා ගත්තා අප්‍රේල්වල. මේකෙ තියෙන්නෙ 50 -50. අපිට තිබුණ ප්‍රශ්නය තමයි ඒ ගෑස් සංයුතිය අප්‍රේල්වල  ඉඳලා මේ ගෑස් ටැංකිවල තිබුණා.  එදා තිබුණා නම් ඇයි පිපිරුවෙ නැත්තෙ එදා. අද පුපුරණවා. මේකෙ ප්‍රශ්නයක් තියනවා.

ඒ නිසා තමයි මේ සම්බන්ධව අපට තාක්ෂණික දැනුම නැති නිසා මොරටවු විශ්විද්‍යාල රසායනික හා තාක්ෂණික අංශයට ඒ වගකීම් බාර දුන්නේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයටත් මේ පරීක්ෂණ  වගකීම ජනාධිපතිවරයා විසින් පැවරුවා.

ලංකාවේ ගෑස් ප්‍රමිතිය අනුව 50ට 50 වරදක් නෙමෙයි…

එස්එල්එස් 712 ප්‍රමිතිය තමයි ලංකාවෙ ගෑස් ප්‍රමිතිය. ඒ ප්‍රමිතිය මනින්නෙ ගෑස්වල පීඩනයෙන්. ගෑස් මනින්නෙ ගුණාත්මක බව මනින ඒකකය පීඩනය. මේක ප්‍රශ්නයක් බව දැකලා අපි ප්‍රමිති ආයතනයට කිව්වා නැවත ප්‍රමිතියක් හදන්න.  ඒ සම්බන්ධව නොවැම්බර් 12 දැන්වීමක් දැම්මා ඇලුත් ගෑස් ගැන ප්‍රමිතිය මේකයි,  උනන්දුවක් දක්වන්න අය අදහස් ඉදිරිපත් කරන්න කියලා.   අපිත් ඒ සඳහා අදහස් ඉදිරිපත් කළේ නෑ. අද තමයි ගැන කතා කරන්නෙ. අද විද්වත් කමිටුව කැඳවලා තියනවා. ඒ අය තීන්දු තීරණ ගනී.

මින් ඉදිරියට ගෑස් නැව් වලින් අන්ලෝඩ් කරන්න කලින් රජයෙ ආයතනයක් ගිහින් ගෑස් සාම්පල් අරන් ප්‍රමිතිය පරීක්ෂා කරනවා.

අපි පිළිගන්න ඕන.  1960න් පස්සෙ ගෑස් නියාමනය කරලා නෑ. දිගටම ගෑස් පිළිබඳව ප්‍රමිතියක් පාලනය කරලා තිබුණෙ නෑ. ප්‍රථම වතාවට අපි    සාම්පල් 12ක් රසායනාගාරය වෙත යැව්වා.    අද වාර්තා දෙනවා.  මේක දීපු හැටියෙ  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන්නෙ නෑ. මොරටුව විශ්විද්‍යාලයට යොමු කරනවා. මේ පරීක්ෂණ වාරතාවල ඉන්නවා.

ජනවාර් 01 දා සිට මේ දක්වා ලංකාවට ආනයන කළ ගෑස් ප්‍රමාණය තුන්ලක්ෂ අනූහත් දාහයි. ඒ සඳහා වැය කළ මිල ඇමරිකානු ඩොලර්  මිලිය 283යි ඩුබායි සිංගප්පූරු මැදපෙරදි ගමාගම් හරහා තමයි මේ ගෑස් ප්‍රමාණය ගෙනාවෙ.

50ට 50 හංගන්නේ ඇයි?

මෙහිදී විපක්ෂ නායකවරයා කිවේ තමන්ගේ අවසන් ප්‍රශ්න 03 පිළිතුරු නොලැබුණු බවය.

ඊට රාජ්‍ය අමාත්‍යවරයා කීවේ තමන් පැහැදිලිවම ප්‍රකාශ කළේ ලීටර 18 ගෑස් සිලින්ඩරය වෙළෙඳපලෙන් ඉවත් කළේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය සියයට 50 -50 නිසා නොව, සිදුකළ ගෑස් වංචාව නිසා බවය. ගෑස් සංයුතිය පිළිබඳ ප්‍රමිතියක් රටේ නැති බවත් ඇමතිවරයා කීවේය.

“මිශ්‍රණය 50 -50 මිශ්‍ර කරලා කියලා සමාගම් කියලා නෑ. ඔවුන් අපට දුන්න වාර්තාවල තිබෙන්නේ ප්‍රොෆේන් බියුටේන් ප්‍රතිශතය 30-70 කියලා. ඒ සංයුතියට ගෙනාවා කියලා ඔවුන් වාර්තා දුන්නා. ඒ නිසා තමයි ප්‍රතීතක මණ්ඩලයට යැව්වෙ ඒ සම්බන්ධ විද්‍යාත්මක නිගමනටය එන්න. “

“අනික අපි කල්පනා කරලා බලන්න ඕන තවත් කතාවක් තියනවා.  මේ අවුරුද්දෙ ප්‍රොෆේන් මිල වැඩියි බියුටේන්වලට වඩා. ලාභ ලබාගැනීමේ අරමුණක් ඇතිව සංයුතිය වෙනස් කරනවා නම් ඔවුන්ට මෙයින් ලාභයක් ලැබෙන්නෙ නෑ. “

ඇමතිවරයා කීවේය. මේ අවස්ථාවේ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා ඇමතිවරයාගෙන් විමසා සිටියේ මේ සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරයේ කළ පරීක්ෂණවලින් ප්‍රොෆේන් බියුටේන් ප්‍රතිශතය 49ට 51ක් බව තහවුරු වී තිබෙද්දී ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන හේතුව පැහැදිලි කරන ලෙසය.

එහිදී ඇමතිවරයා කීවේ සාම්පල 1ක් පමණක් මේ ප්‍රතිඵලය ලබා දුන් බවත් සාම්පල 12ක් පරීක්ෂා කිරීමට මොරටුව විශ්විද්‍යාලයෙන් ලබා දුන් වෘත්තීය උපදෙස් මත එම සාම්පල් 12 වාර්තාත් සමග අංග සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් සොයයි

Next Post

ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.