කොළඹ අරලියගහ මන්දිරය අත්පත් කර ගැනීමෙන් පසුව එහි රැඳි සිටින අරගලකරුවන් පාර්ශ්ව දෙකක් එහි කාමර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හට ගත් ආරවුලක් මත ගැටුමක් ඇති කරගෙන තිබේ.
මෙම ගැටුම එක්තරා දේශපාලන මතවාද දෙකක් දරණ කණ්ඩායම් දෙකක සාමාජිකයන් අතර ඇතිව තිබෙන අතර ගුටි බැට ප්‍රහාරයක් දක්වා දුර දිග ගොස් ඇත්තේ ඔවුන් විසින් එකිනෙකා වෙනුවෙන් වෙන් කරගෙන ඇති කාමර සම්බන්ධ ගැටලුවක් බව පොලිසියය පවසයි.
මෙම ගැටුම ට විශාල පිරිසක් මැදිවී සුළු තුවාල ලබා ඇතත් ඔවුන් රෝහලට පැමිණ නැතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට අද අලුයම ඇතුළත් කර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එක් පුද්ගලයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති අතර ඔහු සැත්කමකට ලක්කර ඇති බවත් තුවාල ලැබූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම පැවසීය.
තුවාල ලැබු තවත් පුද්ගලයින් 8 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.
තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනා අතර එක් කාන්තාවක්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග හෙළි කළේය.









