බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භික්ෂු විනය සම්බන්ධ කාරක සංඝ සභාවල තීන්දු සඳහා අධිකරණ බලයක් අවශ්‍යයි… ත්‍රෛනිකායික හිමිවරුන් වෙනුවෙන් අස්ගිරි පන්සල රජයට දන්වයි!

by editor
නොවැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • මේ යෝජනාව කරලා දීර්ඝ කාලයක්… ඒත් කිසිම රජයකින් කිසිම ප්‍රතිඵළයක් නෑ,… ආනමඩුවේ හිමියෝ මේ රජයෙන්වත් විසඳුමක් ඉල්ලති…

භික්ෂූන් වහන්සේලාගේ චර්යාත්මක දුර්වලතා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ කාරක සංඝ සභා මගින් ගන්නා තීන්දු තීරණ අධිකරණය මගින් ක්‍රියාත්මක කර දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන එන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නා හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

බුද්ධ ශාසන ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත ඇමතිවරු සිකුරාදා (22)  අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට  පැමිණි අවස්ථාවේ දි ධම්මදස්සී නා හිමියෝ මේ ඉල්ලීම නව රජයෙන් සිදුකළහ.

පසුගිය රජයන් ගණනාවකට මෙම යෝජනාව ඉදිරිපත් කළ නමුත් ඒ කිසිවක් මෙතෙක් එම ඉල්ලීම ඉටු වී නැතිබව පෙන්වා දුන් අනු නා හිමියෝ ඇතැම් භික්ෂූන් වහන්සේලා ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති බරපතළ විවේචන අරභයා සංඝ සභා මගින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට නීතිමය බලයක් අධිකරණය මගින් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පවතින බව අවධාරණය කළහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“භික්ෂූන් වහන්සේලාගේ චාර්යාවන් සම්බන්ධයෙන් මතුවන ගැටලු වලට විසඳුම් සෙවීම සදහා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පසුගිය කාලය තුළ විවිධ යෝජනා ඉදිරිපත් කළා. එක වෙලාවට කථිකාවත් ගේන බව කියනවා. තවත් වෙලාවක විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරන බව කියනවා. ඒ සඳහා කමිටු දානවා. මේ කමිටුවලින් වැඩේ දික්ගැහෙනවා මිස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ.”

“පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවාට වඩා මේ අවස්ථාවේ බරපතළම ගැටලුව වන භික්ෂූන් ගේ චර්යාවන් නිසා මතුවන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබාදීමට හැකිවන ලෙස සංශෝධනයක් ගෙන එන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමුකර වත්මන් රජය කඩිනමින් ඒ සඳහා විසඳුමක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ”

මෙහි දී අදහස් දැක්වූ ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් පෙන්වා දුන්නේ වසර 2012 සිට බුද්ධ ශාසනයට වැදගත් වන සංශෝධන සඳහා යෝජනා හතරක් ඉදිරිපත් වුවත් මේ දක්වා එම යෝජනාවල සඵලතාවයක් නොදුටු බවය. හිටපු බුද්ධශාසන ඇමැතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණ බව ලේඛකාධිකාරී හිමියෝ දැන්වූහ.

“එතුමා කතාවට දක්ෂ වුණත් කියන දේවල් නෙවෙයි කළේ. ” මැදගම හිමියෝ කීහ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේක්ෂා රෝහලට ස්කෑන් යන්ත්‍ර මිලදී ගන්න බව කියන ව්‍යාපෘතියට ආධාර දෙන්න එපා… රෝහල් බලධාරීන් ජනතාවට දන්වයි!

Next Post

ශ්‍රමදානය ඉවරයි… ජනතාව දුන් ජයග්‍රහණය වාර්තාගතයි… දැන් ඔබ වාර්තාගත ලෙස රටට වැඩ කර පෙන්විය යුතුයි… මල්වතු මහා නා හිමියෝ රජයට දන්වති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.