මහනුවර බෝගම්බර ප්‍රදේශය වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර තිබේ.
ඊට හේතුව වී වූයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර් පරීක්ෂණවල දී රෝගීන් 12ක් වාර්තා වීම බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය පැවසීය.
මෙම හුදකලා කළ ප්‍රදේශය තුළ දැනට ස්ථාපිත කර ඇති දුර ගමන් සේවා බස් රථ නැවතුම්පල වසා දැමීමට තීරණය කර ඇත.
විකල්ප සම්බන්ධව මේ වනවිට මහනුවර පොලිස් බලධාරීහු විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටිති.