බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අටලුගම ජනතාව ගැන මුස්ලිම් නායකයින් කියන කතා

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා රෝගය ව්‍යාප්ත වූ ප්‍රදේශ අතරින් අටලුගම රටේම අවධානයට ලක් වූ ප්‍රදේශයකි. එයට හේතුව එහි වෙසෙන ජනතාව සෞඛ්‍ය අංශ සමඟ මෙන්ම ආරක්ෂක අංශ සමඟ යම් ගැටීමකට මැදිහත් වීමය. වරක් එම ප්‍ර දේශයේ කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් පොලිසය සමඟ ගැටීමක් ඇති කරගත්කේ මෙම කොරෝනා අඳිරි නීතිය පවතින කාලයේය. තවත් වරක් පීසීආර් පරීක්සනවලට වයාජ නම් ගම් ලබා දීම හේතුවෙන් කොවිඩ් 19 ආසාදිතයන් සොයා ගැනිමට සෞක්‍ය අංහළුලට දැඩි නෙහෙසක් දරන්නට සිදුවිය. එලෙස කොවඩ් ආසාදිතයකු ප්‍රතිකාර වෙත යොමු කිරීමට මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් ගිය අවස්තාවේ එහි සිටි එක් ආසාදිත පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්සකවරන්ට කෙළ ලැසුවේය. ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට තරම් සිදුවිය.

මේ නිසා රටම මේ අටලුගම ගැන කතා කරන්නේ අපුලකින් සහ පිළිකුලකිනි. එම ගමේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන නිසා අපි මේ ජනතාව මෙසේ වී ඇත්තේ ඇයිද යන්න දැන ගැනීමට මුස්ලිම් නායකයන් කිහිප දෙනකු සම්බන්ධ කර ගත්තෙමු.

ඒ අනුව ජමෙයිතුල් උලමාවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් නායක අබ්දුල් රහුමාන් මවුලවිවරයා කියා සිටියේ මෙවැනි කතාවකි.

කෙළගැසූ මිනිසා අපරාධකාරයෙක්
-ජමෙයිතුල් උලමා සංවිධානයේ
කළුතර දිස්ත්‍රික් නායක අබ්දුල් රහුමාන් මවුලවි,
“අටලුගම සිද්ධිය ගැන අපි කණගාටු වෙනවා. මෙහෙම විය යුතු නැහැ. කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අංශවල නිලධාරීන් දිවා රෑ දැඩි කැපවීමෙන් යුක්තව වැඩ කරනවා. එය අපි අගය කළ යුතුයි. පසුගියදා කොරෝනා මර්දනය සම්බන්ධව කටයුතු කිරීමට අටලුගමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා තිබෙනවා එය වැරදි ක්‍රියාවක්. ඒ ගැන ඔහුට දඩුවම් කළ යුතුයි. නමුත් එක් පුද්ගලයෙක් කළ වරදක් නිසා සමස්ත ග්‍රාමයේ ම වග කිවයුතු නැහැ. මෙලෙස කෙළ ගැසූ පුද්ගලයා ඒ අවස්ථාව වන විට බීමතින් සිට තිබෙනවා. අනෙක ඔහු ගමෙන්ම කොන් කර සිටින අපරාධකාරයෙක්. ඔහු අත්අඩංගුවට ගෙන ගමේ ජනතාවට සාධාරණයක් ඉටු කළ යුතුයි. කොරොනා පැතිර යාමට පෙර මෙම පුද්ගලයා සිරගතව සිට තිබෙනවා. ගමේ සමගිය සාමය එකමුතුකම වෙනුවෙන් අපි හැමදාමත් කටයුතු කරනවා. මෙවැනි පුද්ගලයෙක් නිසා ඒ වැඩපිළිවෙල කඩාකප්පල් වීමට ඉඩදිය නොහැකියි. ඒ නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අටලුගම මිනිස්සුන්ගේ සමාජ තත්ත්වය අවබෝධ කරගත යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා,
“මම කිසිසේත් කිසිම ප්‍රශ්නයකදී මිනිස්සුන්ට දොස් කියන්නේ නැහැ. වැරදි අතිනුත් සිදුවෙනවා. එසේනම් එම වැරදි අපි නිවැරැදි කරගත යුතුයි. අටලුගම ප්‍රදේශයෙහි සිද්ධීන් ගණනාවක් සිදුව තිබෙනවා. ඒවා නොවිය යුතු සිද්ධීන් ලෙස මා දකිනවා. නමුත් පාලකයින් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරනවා නම් මේ ගැටලු වළක්වා ගත හැකියි. අටලුගම ප්‍රදේශයේ ජනතාව ගැන අප තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ අධ්‍යාපන, ආර්ථික සහ සමාජ ප්‍රශ්න අපි අවබෝධ කරගෙන ඔවුන් සමග කටයුතු කළ යුතුයි. රජය ගන්නා ඔවුන්ට බලපාන යම් යම් පියවර තිබෙනවා නම් ඒ ගැන ඔවුන්ව දැනුවත් කළ යුතුයි. ඒ ගැන අවබෝධයක් ඇති කළ යුතුයි. එලෙස දැනුවත් කිරීමක් අවබෝධයක් ඇති නොකොට හිතුමතේ කටයුතු කිරීමට ගෑමෙන් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙනවා. මෙය ඉතාම භයානක ප්‍රවණතාවයක්. අපි හැමෝම එක්ව එය නවතා ගත යුතුයි.”

ගමේ ඇත්ත ප්‍රශ්න මාධ්‍ය පෙන්වන්නේ නෑ
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති, ප්‍රවීණ මාධ්‍යවේදී එම්.එන්.එම්.අමීන් මහතා,
“අටලුගම ගැන ජනමාධ්‍ය හරහා අද වැරදි චිත්‍රයක් ලොවට ලබා දෙමින් තිබෙනවා. ජනමාධ්‍ය පෙන්වන්න උත්සාහ ගන්නේ PHI මහතෙකුට එක් පුද්ගලයෙක් කෙළ ගැසුවා කියන එක පමණයි. ඒ ජනතාව තුළ කැකෑරෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ එකක්වත් පිළිබඳ පිළිබඳ ජනමාධ්‍ය තුළින් එළියට පෙන්වන්නේ නැහැ. කෙල ගැසූ පුද්ගලයා දාමරිකයෙක් විය හැකියි. එහෙත් ඔහු PCR පරීක්ෂණයට ලක්කර දින 12කට පසුව තමයි PHI මහත්වරු ඔහුගේ නිවසට පැමිණ ඔහුව නිරෝධායනයට රැගෙන යාමට උත්සාහ කර තිබෙන්නේ. ඒ වන විටත් ඔහුගේ පවුලටම corona වැළඳී තිබෙනවා . PCR කර දින 12ක් එක තැන තියනකොට ඔහුට නැගෙන වේදනාව සාධාරණයි. එහෙත් ඔහුගේ ක්‍රියාව අපි අනුමත කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය අටලුගම ග්‍රාමයේම ප්‍රශ්නයක් වත් මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් බවටවත් පත් කරගත යුතු නැහැ . අවබෝධයෙන් සියලු පාර්ශ්ව එක්ව මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ”

එක පවුලක් දෙකක් නිසා ගම ගැන ම වැරදි ලෙස දකින්න එපා
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෆීල් නසීර් මහතා,
“අටලුගම ගැන විවිධ ප්‍රචාර මේ වන විට දියත් වෙමින් තිබෙනවා. ඒ සියල්ල සත්‍ය නොවන බව කිව යුතුයි. කොරෝනා සිද්ධියත් සමග මීට ඉහතදී පොලිසියට පහරදුන් බවට ප්‍රචාරයක් ගෙන ගියා. ඒ පහර පහරදීම සිදුකලේ එක් පවුලක් විසින්. ඊට ගමේ සම්බන්ධයක් නැහැ. මේ ගම ගැන මම හොඳට දන්නවා. PHI මහතකුට කෙළ ගැසූ බව කියනවා එය වැරදි ක්‍රියාවක්. ඒ සිදුකර තිබෙන්නේ එක් පුද්ගලයෙක්. ඔහුගේ ඒ වරද මේ ගමටම පැටවිය යුතු නැහැ. PCR පරීක්ෂණයට ගමේ සහයක් නැහැ කියලා කියනවා නමුත් මේ PCR පරීක්ෂණය කියලා කියලා කියන්නේ මොකක්ද? කියන එක ගැන මේ ජනතාවට අවබෝධයක් නැහැ. ඔවුන්ට වැරදි චිත්‍රයක් ගැන ලැබී තිබෙනවා. PCR ගැන ජනතාව තුළ දැඩි බියක් තිබෙනවා. ඒ බිය නැති කරන්න හෝ අනවබෝධයෙන් සිටින ජනතාව අවබෝධයක් ලබා දීමට හෝ කවුරුවත් පියවර ගෙන නැහැ. රජය ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු කරත් නැහැ. එක් පුද්ගලයෙක් නිසා ගමම පලි නැහැ. ඒ නිසා අපි සෞඛ්‍ය අංශවලිනුත් ඉල්ලා සිටින්නේ කරුණාකර මේ ප්‍රදේශයට පැමිණ අහිංසක ජනතාවට පිහිට වන ලෙසයි. ජනතාව දැනුවත් කිරීම සඳහා දේශපාලනඥයින් ලෙස අපිත්, ආගමික සංවිධාන, පල්ලි, පොලීසිය, වෛද්‍යවරු සහ අනෙකුත් සමිති සමාගම් සමග එක්ව පුළුල් වැඩ පිළිවෙලක් දියත් කළා. මේ අනුව PCR පරීක්ෂණයට නොපැමිණ සිටි ජනතාව පෝලිමේ PCR සඳහා පැමිණීමට පටන් ගෙන තිබෙනවා. අවාසනාවකට මෙන් PHI මහත්වරු තවමත් පැමිණ නැහැ.”

ජනතාව දැනුවත් කර ඔවුන්ටත් සාධාරණයක් ඉටු කරන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,
“අටලුගම සති ගණනාවක් වසා දමා තිබුණා. ඒ ජනතාවට කන්න බොන්න කිසිවක් ලැබිලා නැහැ. ඒවා ලබාදීමට රජයට නිසි වැඩපිළිවෙලකුත් නැහැ. ජනමාධ්‍ය මගින් පෙන්වන සුරංගනා ලෝකය ඒ ගමේ නැහැ. ඔවුන් දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවක PHI හෝ වෙනත් කෙනෙක් ඒ මිනිස්සු බලහත්කාරයෙන් පරීක්ෂණවලට ඇදලා ගන්න හදනවා නම්, බලෙන් ගෙවල්වලට කඩා පනිනවා නම් එහි ඇති වන තත්ත්වය මා අමුතුවෙන් කිවයුතු නැහැ. මේ නිසා පීඩාවට පත්ව සිටින අය තුළ කෝපයක් ඇති වීම වැළැක්විය නොහැකියි. මේක මහා විනාශයක්. මේ විනාශයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි. ඒ ජනතාව දැනුවත් කිරීමට හෝ ඔවුන්ට විධිමත් ආකාරයකට සහන දීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව දියත් කර නැහැ. ආණ්ඩුව මේ ප්‍රශ්නය හමුවේ ජාතිවාදය ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ආණ්ඩුව බලයට ආවෙත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේත් ජාතිවාදය පතුරලා. මේ විනාශය වහාම නවතා අටලුගම ජනතාව දැනුවත් කර ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වහාම ක්‍රියා කළ යුතුයැයි මා ඉල්ලා සිටිනවා.”

අටලුගම පුද්ගලයෙක් PHIට කෙළ ගැසූ අවස්ථාව
Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුරට කොටු වූ කිළිනොච්චි වැසියන් 131 බේරා ගැනීමට ගුවන් හමුදා සහාය…

Next Post

බෝගම්බර ප්‍රදේශය හුදකලා කෙරේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.