ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් අද (04) දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වසා දැමූ අතර සේවකයින් දස දෙනෙක් කාර්යාලය තුළම නිරෝධායනය කර ඇත.
ඔවුන් සම්බන්ධව පී.සී.ආර් පරීක්ෂණ අද සිදු කෙරෙන බවත්, කාර්යාලය පවත්වාගෙන යනවාද, වසා දමනවාද, ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු කෙසේ සිදුවන්නේද යන්න අද සවස තීරණය කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.







