බෙලිහුල් ඔයේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක් මිය ගොස් 12 හැවිරිදි දරුවෙක් අතුරුදහන්ව තිබේ. අනතුරට පත්වි ඇත්තේ ඥාති සොයුරෙක් හා සොයුරෙකි.
මතුරට අඹගස්පිටිය ප්‍රදේශයේ දිය නාමින් සිටි මෙම කුඩා දරුවන් දෙදෙනා අතරින් දැරිය දියේ ගිලී යන විට ප්‍රදේශවාසීන් ඇයව බේරාගෙන රිකිල්ලගස්කඩ රෝහට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ. පිරිමි දරුවාගේ සිරුර තවමත් සොයාගෙන නැති බව පොලිසිය පවසයි.
මතුරට තබරාව ප්‍රදේශයේ පදිංචි දරුවා හා දැරිය අවුරුදු 21 පමණ වන ඔවුන්ගේ ඥාති සහෝදරියක් ද සමග පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණ ඉන් අනතුරුව දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ලා බසිනා බෙලිහුල් ඔයට ගොස් ඇත.
දිය නාමින් සිටිය දී දැරිය ඔයේ ගිලී ගසාගෙන ගොස් තිබේ. ඇයව බේරා ගැනීමට 12 හැවිරිදි දරුවා උත්සාහ කරද්දී දෙදෙනාම සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව විමර්ශනයෙන් හෙළි වී ඇත.
පසුව ඥාති තරුණිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඉල්ලීමේන පසු ඔවුන් එක්කව දැරිය ගොඩගෙන රෝහල්ගත කර ඇත.
දරුවා ගැන හෝඩුවාවක් නැති අතර මතුරට පොලිසිය හා ප්‍රදේශවාසීන් දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.