ශ්‍රියානි විජේසිංහ –
මානසික රෝහල්වල කිසිම සෞඛ්‍ය සේවකයෙක් අද (13) දින සිට ආරම්භ වූ සෞඛ්‍ය වර්ජනයට සම්බන්ධ කරගෙන නැති බැවින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට ප්‍රමාදයකින් තොරව සිය මානසික රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවකාශ සැලසී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.
එම සන්ධානයේ ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝහල් පරිපාලකයින් පමණක් ප්‍රමාණවත් යැයි පියවි සිහියකින් යුතු පුද්ගලයෙකුට නම් කිව නොහැකි බවත්, රුක්ෂාන් බෙල්ලන රෝහල් පරිපාලකයෙක් ලෙස එවැනි ප්‍රකාශයක් කරන්නේ පිරිහී ගිය මානසික සෞඛ්‍යය තත්ත්වයක් නිසා යැයි තමන් විශ්වාස කරන බවත්ය.
මේ මානසික රෝගී තත්ත්වය බරපතල බවත්, බලා නොසිට ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටින බවත් චානක ධර්මවික්‍රම ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී.
වර්ජනය ආරම්භයේ දී ම මානසික රෝග සඳහා සත්කාර සේවා පවත්වාගෙන යන රෝහල්වල සෞඛ්‍ය සේවකයින් වර්ජනයට සහභාගී කරන නොගත්තේ මෙවැනි හදිසි අවස්ථාත් ඇතිවිය හැකි බවට වූ අවබෝධයකින් බව ද ඔහු පවසයි.







