කිසිම ප්‍රමාදයකින් තොරව නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ලබන වසරේ මහ මැතිවරණය පැවැත්වෙන බවත් මහ මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැයෙන් වෙන් කරන බවත් එම නිවේදනයේ දැක්වේ.
මැතිවරණ පැවැත්වීම සඳහා බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බව පෙන්වා දෙන රජය අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සන්නිවේදනය කරන බවද පවසයි.