බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙල්ලනට ජොබ් එක කියලා දෙන්න… බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාතික රෝහල් අධ්‍යක්ෂකට ලිඛිතව දන්වයි!

by editor
දෙසැම්බර් 6, 2024
in පුවත්
Rukshan-Bellana
Share on FacebookShare on Twitter
  • අද පාර්ලිමේන්තුවේදිත් ඇසූ ප්‍රශ්නයට බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්‍යක්ෂකව ලිඛිතව උත්තර දෙයි….

ජාතික රෝහලට එන රෝගීන් ජාතික රෝහල් චතුරශ්‍රය තුළ පිහිටවා ඇති රථ ගාලෙන් පමණක් ප්‍රවාහන පහසුකම් සලසා ගත යුතු බවටත් පිටත කිසිම කුලී වාහනයක් රෝහල් චතුරශ්‍රය තුළට ඇතුළත් නොකළ යුතු බවටත් අවධාරණය කර පොලිස් නිලධාරීන්ට අනීතික විධාන ලිඛිතව ලබා දුන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට ඔහුට හිමි තමන්ගේ රාජකාරිය කියා දෙන ලෙස දන්වමින් බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ජාතික රෝහල් අධ්‍යක්ෂ වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

කිසිම කුලී වාහනයක් රෝහල් චතුරශ්‍රයට ඇතුළත් කිරීම තහනම් කර,  ඇතුළත පිහිටුවා ඇති රථ ගාල් ප්‍රවර්ධනය කරන ලෙසට රුක්ෂාන් බෙල්ලන විසින් කොළඹ ජාතික රෝහල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට අවස්ථා කීපයක දී බලපෑම් කර තිබිණි.

බෙල්ලන යැවූ ලිපිය…

කොළඹ ජාතික රෝහලේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පසුගිය 02 දා රුක්ෂාන් බෙල්ලන නියෝගාත්මක ස්වරූපයෙන් ලිඛිතව දන්වා සිටින්නේ පොලිස් ඒකකය මෙම රෝහලට අනුයුක්ත කර ඇති පරම රාජකාරිය රෝහල් චතුරශ්‍රය තුළ සංඥා පුවරුවලට අනුකුලව සහ පොළොවේ ඇඳ ඇති මාර්ග සලකුණුවලට අනුකූලව මාර්ග තදබදය පාලනය කිරීමට විනා රෝගීන් ගැන හෝ වෙනත් කුලී රථ කරුවන් පිළිබඳ කම්පා වන්නට නොවන බවය. රුක්ෂාන් බෙල්ලන මේ ප්‍රකාශය මාධ්‍යයට ලබා දී ප්‍රචාරයක් ලබා ගෙන තිබිණි.

මේ තත්ත්වය බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට දැන්වීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා රුක්ෂාන් බෙල්ලනගේ අනීතික හැසිරීම සම්බන්ධව පිටු 03ක වාර්තාවක් ඉදිරිපත් කරමින් ජාතික රෝහල් අධ්‍යක්ෂකට දන්වා සිටින්නේ මෙම වෛද්‍යවරයා ස්වකීය අත්සනින් යුතුව රථ ගාල් පවත්වා ගැනීම සඳහා ත්‍රී රෝද රථ රියදුරන්ට ලිපි නිකුත් කිරීමත් සිදුකර ඇති බවය. ඔහු සිය රාජකාරි සීමාවේ පිහිටුවන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජාතික රෝහල ආශ්‍රිත මාර්ග පද්ධතිය ජාතික රෝහලට සහ ඒ ආශ්‍රිත ප්‍රජාවන්ට පමණක් වෙන් කරගැනීමට කොළඹ නගර සභාවෙන් කිසිම නෛතික ඉල්ලීමක් කර නැති පසුබිමක රථ වාහන තදබදයක් ඇති නොවන සේ ජාතික රෝහල ආශ්‍රිත ප්‍රජාවට මුල් තැන දෙමින් කළමනාකරණ සැලසුමක් දියත් කරනු විනා මහ ජනතාවට ප්‍රවේශ මාර්ග අවහිර කිරීමට අයිතියක් පොලිසියට නැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණ කරයි.

එමෙන්ම රෝගියෙකුට තමන්ගේ ආර්ථික ශක්තියේ ප්‍රමාණය අනුව කැමති ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේ හිමිකම උල්ලංඝණය කළ නොහැකි බව ද පෙන්වා දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කටයුතු කිරීමට ගොස් යමෙක් මූලික අයිතිවාසිකම් නඩුවක් දැමුවහොත් නඩු යන්නට වෙන්නේ රුක්ෂාන් බෙල්ලනට නොව, පොලිස් නිලධාරීන්ට බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට දන්වා සිටින්නේ රුක්ෂාන් බෙල්ලනගේ මේ හැසිරීම දිගටම පැවතියහොත් සිදුවන්නේ ජාතික රෝහල රථ වාහන පොලිස් ඒකකය ඉවත් කරගැනීමට සිදුවන බවය.

මේ පිළිබඳව අද විපක්ෂයේ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් විමසන ලදුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. පහත දැක්වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජාතික රෝහල් අධ්‍යක්ෂකට  යැවූ ලිපිය ය.

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ගිනුම් කාරක සභාවේ ( කෝපා ) සාභාපති ධූරය විපක්ෂයට…

Next Post

පොල් මිලේ බලේ දෙයියන්ටත් දැනෙයි… කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් අඩු වෙයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.