කතරගම දේවාලය ඉදිරිපිට බැතිමතුන්ගේ පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි අද දෙරණ වාර්තා කරයි.
වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවත්
මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක් පමණ වන බවත් කතරගම දේවලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
පොල් හිඟය හේතුවෙන් මේ වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ආගමික ස්ථානවල පහන් දැල්වීම ද අවම වී ඇතැයි වාර්තාවේ.
සෙල්ල කතරගම ගඟේ ගණදෙවි කෝවිලේ පුජක ජනක දිසානායක සාමිවරයා සඳහන් කරන්නේ බැතිමතුන් පූජා වට්ටියට පොල් වෙනුවට තැඹිලි තබන බවය.







