ලලිත් චාමින්ද –
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ A. සහ D යන සාමාන්‍ය වාට්ටුවල පොළව යට සඟවා තිබු ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් විශේෂකාර්යබලකාය විසින් කරණු ලැබු සොදිසි මෙහෙයුමකදි සොයාගත් බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම මෙහෙයුමේ දි ජංගම දුරකථන 03ක්, සිම්කාඩ්පත් 04ක්, දුරකථන චාජර් 02ක්, ඩේටා කේබල් 02ක්, හෑන්ඩ් ප්‍රි 01ක් අත්අඩංගුවට ගෙන ඇතිබව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙම වාට්ටුවල සිරකරුවන් 07 08 වශයෙන් සිටින අතර පොළව යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදි විශේෂකාර්ය බලකාය විසින් අදාල උපකරණ සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගත් උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව වෙත යොමුකොට ඇති බවද බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.







