අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූරුමූණා බේරාගන්නට පැමිණි නායක ශ්‍රමණයා හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පාතාල අපරාධකරුගේ සමීපතම හිතවතෙක්!

by editor
පෙබරවාරි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන්තොටුපලින් පිටවීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්  කළුමිණි රවිදු සංඛ  ද සිල්වා නොහොත් බූරු මූණාව බේරාගන්නට මහ රෑ පැමිණි  හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ  විහාරාධිපති පොත්තේවෙල ඉන්ද්‍රසාර (38) නැමැති ශ්‍රමණයා සහ මහා පරිමාණ කඩු ජාවාරම් කාර පාතාල අපරාධකරුවෙක් ලලිත් කන්නංගර  නැමැති අපරාධකරු අතර සමීප සම්බන්ධතාවයක් තිබී ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා බූරු මූණාව යොදවාගෙන ඇත්තේ  මෙම පාතාල අපරාධකරු වූ ලලිත් කන්නංගර  විසිනි. ලලිත් කන්නන්ගරගේ උවමනාවකට අනුව පසුගිය දෙසැම්බර් 18 වෙනිදා හංවැල්ලේ පිහිටි මුස්ලිම් හෝටලයේ හිමිකරු ඝාතනයට   බූරුමූණා ලබා දී ඇත්තේ හරක්කටාය.

බූරු මූණා කවුද?

දැනට ඩුබායිහි වෙසෙමෙන් මෙරට ඝාතන ජාලයක් මෙහෙයවන මත්කුඩු ජාවාරම්කාර පාතාල අපරාධකරුවෙක් වූ හරක්කටා ගේ සැඟවුණු ප්‍රධාන වෙඩික්කරු වී ඇත්තේ කළුමිණි රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණාය. ඔහු නාවික හමුදාවෙන් පලා ආ සෙබලෙකි.

මෙම තැනැත්තා යොදවා විටින්විට හරක්කටා විසින් දිවයින පුරා ඝාතන 20කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබිණි.

ඉතා පැහැදිලි  සීසීටීවී දර්ශන සහිතවීම නිසා  රටම කැළඹූ ඝාතනයක් වූ හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතන සිද්ධියත් සමග ප්‍රධාන ඝාතකයා ලෙස සැකකර පොලිසිය පුද්ගලයෙක් ඝාතනය කර 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව හෙළි වූයේ ඝාතනය වී තිබුණේ වෙඩික්කරු නොව වෙඩික්කරු පැමිණි බයිසිකලයේ පැදිකරු බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම වෙඩික්කරු අනාවරණය වීමෙන් පසු ඔහු සම්බන්ධව වැඩිදුර විමර්ශනය කළ පොලිස් විමර්ශකයින්ට ඝාතනයට උපකාර කිරීම සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ තිබී ගමන් බලපත්‍රයක ඡායාරූපයක් හමු වී තිබිණි.

මෙම ගමන් බලපත්‍රය බූරුමූණා හෙවත්  කළුමිණි රවිඳු සංඛ ද සිල්වාගේ  මුහුණ යොදා පාදුක්ක වග පදිංචිකරුවෙකු වූ කෝරලේකම්කානම්ලාගේ රවිදු වර්ණ රංග නමින් සකස් කළ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් බව   පොලිස් විමර්ශන අංශ අනාවරණය කරගත්තේය.  මෙම ගුවන් ගමන් බලපත්‍රයට සහ බූරු මූණාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රයට  විමර්ශන අංශ විසින් රටින් පිටවී යා නොහැකි සේ අධිකරණයෙන් වාරණ නියෝගයක් ගෙන තිබිණි. පසුගිය 24 වැනිදා බූරු මූණා ආගමන විගමන නිලධාරීන්ගේ  අත්අඩංගුවට පත්වන්නේ ඒ පසුබිමේ දීය.

නායක ශ්‍රමණයා සහ කුඩු ලලිත්ගේ ඇයිහොඳැයිය

ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ  විහාරාධිපති පොත්තේවෙල ඉන්ද්‍රසාර (38) නැමැති ශ්‍රමණයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවෙක් මෙන්ම බූරු මූණා යොදවා හංවැල්ල ආපනශාලා හිමිව ඝාතනය කළ අපරාධකරු වූ ලලිත් කන්නංගර  කුඩා අවධියේ සිට ඔහුගේ  සමීප හිතවතෙක් බවය.

කුඩා අවධියේ හොරණ පිරිවෙණක අධ්‍යාපනය ලබද්දී ලලිත් කන්නංගරත් මේ ශ්‍රමණයාත් එක පන්තියේ අධ්‍යාපනය ලැබූ බවත් ඔහු එදා සිට දීර්ඝ කාලයක් තිස්සේ ලලිත් සමග   ඇසුරු කළ බවත් මේ ශ්‍රමණයා පවසා තිබේ.

චීවරධාරියා කියා ඇත්තේ  ලලිත්ගේ මිතුරෙක් රට යන්නට පැමිණ ගුවන්තොටුපල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ගැන බලන්නට යැයි ලලිත් ඩුබායි සිට කී නිසා තමන් කටුනායක පොලිසියට පැමිණි බවත්ය.

මූලික විමර්ශනවලින් හෙළිවන්නේ මේ ශ්‍රමණයාට කුඩු ලලිත් මත්කුඩු අලෙවි කළ මුදලින්  විශාල වශයෙන් මුදල් අධාර කර ඇති බවත් මෙම ශ්‍රමණයාත්  කුඩු ලලිත්ගේ අපරාධවලට ආධාර අනුබල දෙන්නේ යැයි පෙනී යන  බව   බවත්ය. ඩුබායි සිටින ලලිත් කන්නන්ගර නැමැති මත්කුඩු ජාවාරම්කරු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ රත්ගම විදුර සහ හරක් කටා නැමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලයට සම්බන්ධව බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

කටුනායක ඕඅයිසී ගේ සහ ශ්‍රමණයාගේ සංවාදය

මෙම ශ්‍රමණයා තවත් ශ්‍රමණයෙක් සහ කුඩා සාමනේර භික්ෂුවක් සමග කටුනායක පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රී 09ට පමණ බවත්  පැමිණ කටුනායක   පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර සමග දීර්ඝ වේලාවක් සාකච්ඡා කරමින් සිටි බවත් හෙළි වී ඇත.

අනතුරුව මෙම ශ්‍රමණයා පොලිස් ස්ථානයේ දීම ඩුබායිහි සිටි ලලිත් කන්නංගර නැමැත්තා සමග සංවාදයක යෙදී ඇතැයි වාර්තා වේ.  අනතුරුව බූරු මූණාට ආහාර පාර්සලයක් ද මෙම ශ්‍රමණයා විසින් ගෙනත් දී ඇත.

ඔහු පිටවී ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. දැනට මූලික විමර්ශනවල දී හෙළිවන තොරතුරු අනුව පොලිසිය සැක කරන්නේ මේ බූරු මූණා පොලිසියෙන් පලා යෑම සඳහා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් හුවමාරු වී ඇත් බවත් එම මුදල පොලිසියට ගෙනැවිත් දී ඇත්තේ මෙම ශ්‍රමණයා විසින් බවත්ය.

කෙසේ වෙතත් සාමාන්‍ය අපරාධකරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරයට මෙම ශ්‍රමණයින්ව ප්‍රශ්න කළ නොහැකි වීම නිසා දැනට සිදුවී ඇත්තේ ඔවුන් කියන දේ අසා සිටීමට බවත් මෙම මුදල් ගනුදෙනුව පිළිබඳ කතාව ශ්‍රමණයින් විසින් පිළිගන්නේ නැති බවත්ය.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය  වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූරු මූණා පන්නා ගන්නට කටුනායක පැමිණි ශ්‍රමණයින් දෙදෙනා අත්අඩංගුවට ගනී…  පන්සල වැසෙයි… 

Next Post

ජනපති වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් කරයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.