අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් බීමතින් කැබ් රථයක් පදවන විට එම කැබ්රථය අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වයෙක් ගමන් ගනිමින් සිටි පොලිස් යතුරුපැදිය යටකර තිබේ.
මෙම අනතුර ඊයේ පෙරවරුවේ සිදුවී ඇත.
රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාත් කොස්තාපල්වරයාත් රෝහල්ගතකර ඇත.
ස්ථානාධිපතිවරයාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉංජිනේරුවරයා මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංංගුවට ගෙන තිබේ.
රාජකාරි වේලාව තුළ ඔහු බීමත්ව සිටි බව පොලීසිය සැකකරයි.