බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිහිසුණු ගැරඬිඇල්ල අනතුර ගැන විමර්ශනයට අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් පොලිසියෙනුත් විමර්ශන කණ්ඩායමක්…

by editor
මැයි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක අවධානයට ලක් වූ බිහිසුණු ඛේදවාචකයක්වුන කොත්මලේ, ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පත් කළ මෙම කමිටුවට තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත් බව පොලීසිය පවසයි.

අදාළ කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත බවත්,  ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පොලිසිය නිවේදනය කරයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම කමිටුව පත් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා කෙරෙන පුළුල් විමර්ශනයට අමතරවය.

මේ වන විට නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා වන ජාලිය බණ්ඩාර විසින් අනතුර සිදු වූ ස්ථානයේ මූලික ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. එහිදී අනතුරට පෙර බස්රථයේ තිරිංග භාවිත කළ බවට සළකුණු දක්නට ලැබී නැති අතර එහිදී දුනුකොල කැඩී යාමක් හෝ වෙනත් කාර්මික දෝෂයක් නිසා මේ අනතුර සිදු වී ඇති බවට හඳුනාගෙන නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ප්‍රකාශ කර ඇත. මේවනවිට වාර්තා වන පරිදි මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 75 දෙනෙකුට අධික පිරිසක් ගමන් කරමින් සිට තිබේ.

කතරගම ඩිපෝ අධිකාරී එස්.ඒ.ඩි. තුසිත චාමින්ද ප්‍රකාශ කර ඇත්තේ අනතුරට පත්වූ ලංගම බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ ‘රියැදුරු මහතා වසර 15 කට ආසන්න කාලයක් සේවය කළ අයෙකු’ බවයි.

”මේ බස් එකට කතරගම ඉදලා කුරුණෑගල එන්නේ. ඒ වැල්ලවාය, බෙරගල, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය, ගම්පොළ, නුවර ඉදලා කුරුණෑගලට එන්නේ. මේ රූට් එකට යන්න පැය 9යි මිනිත්තු 30ක කාලයක් යනවා.”

”ඒ වගේම මේ බස් එකේ රියැදුරු විදිහට කටයුතු කරපු රියැදුරුවරයා අවුරුදු 15ක සේවයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඒ කෙනා මේ කතරගම-කුරුණෑගල මාර්ගයේ අවුරුදු 04ක ඉදලා වැඩ කරන කෙනෙක්.” ඔහු පවසා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් බස් රථයක් අනතුරට… 20ක් තුවාලයි…

Next Post

ඊයේ අලගල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබු පිරිස 38ක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.