අදත් බස් රථයක් අනතුරට ලක් වී 20ක් තුවාල ලබා තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වන්දනා ගමනක් යමින් සිටි නඩයක් සහිත බස් රථයකි.
අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදු වී ඇත.
අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ ය.
අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය දින 4 තුළ බස් රථ තුනක් අනතුරට ලක් වී 23ක් මිය ගොස් මේ වනවිට 85කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
විධිමත් මෙන්ම දැඩි විනයානුකූල ක්‍රියා පටිපාටියක් සහිත නියාමනයක් ජාතික ප්‍රවාහන සේවයට අත්‍යාවශ්‍ය බව යළි යළිත් සනාථ කරන මෙම සිදුවීම් රටේ ප්‍රති රූපයටත් බරපතල ව්‍යසනයක් සිදුකරන ආකාරය විමර්ශකයින් පෙන්වා දී තිබේ.







