ශ්‍රියානි විජේසිංහ
කාසල් වීදීයේ කාන්තා රෝහලේ ලක්ෂ 170ක් වන විදුලි බිල වහාම නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බව දැනුම් දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණ බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංයේ සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව විදුලිබිල සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සේවකයින්ගේ වැටුප් ඊයේ (25) දිනයේදී ගෙවා ඇති බැවින් ලබන සතිය තුළ විදුලිබිලට මුදල් ලැබීමට නියමිත යැයි එම ප්‍රකාශකයා පැවසීය.
කෙසේ නමුත් ලබන සතිය තුළ විදුලි බිල ගෙවීමට නොහැකි වුවහොත් කාසල් වීදියේ කාන්තා රෝහලේ විදුලිය කුමන මොහොතක හෝ විසන්ධි වනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසී.
.







