රුපියල් බිලියන 3.5ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 179ක් සමග දකුණේ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකරණු ලැබු විශේෂ වැටලිමකදි IMUL-A- 1472 (MTR) සලින් 2 අංක දරණ බහුදීන ධීවර යාත්ත්‍රාව මෙම මත්ද්‍රව්‍ය තොගය සමග දකුණු මුහුදු තිරයට ඔබේන්වු ජාත්‍යන්තර මුහුදු සිමාවේදී මෙසේ අත්අඩංගුවට ගැනුණි.
මෙම යාත්‍රාව පසුගිය .21 වන දින කුඩා වැල්ල ධීවර වරායෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටව ගොස් ඇත.
රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර ලද සැකකරුවන් වනුයේ කළුහැන්නදිගේ නිලුපුල් උදයංග (36) (බහුදීන යාත්ත්රාවේ ස්කිපර්), වනිගා බදුගේ ජයන් ශිරාල් (32), විදානගමගේ නුවන් සමිර (32), ලෝකු යද්දෙහිගේ පියුම් විකසිත (25), බතිගම ගම්ආචාරිගේ දුෂාන් තිලිණ (29), සුවඳ හැන්නදිගේ දිල් තේෂාන් (28) යන පුද්ගලයින්ය.







