දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ 651 වෙනි පාබල රෙජිමේන්තු හමුදා කදවුරේ සෙබළෙකු ඊයේ ( 18 ) සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
වෙඩි වැඩීමෙන් ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් අති අතර ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි එම හමුදා සෙබලා සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය බොහෝ විට ඔහුගේ පවුලේ ප්‍රශ්නයක් මත ඇති වූ එකක් බවට කිළිනොච්චිය පොලීසිය හා හමුදා කඳවුරේ නිලධාරීන් විශ්වාස කරයි.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







