මනම්පිටිය නිමල් ජයරත්න –
විදේශ ගතවන බිරිය රඳවා ගැනීමට තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පියෙක් අද (25) පොලිස් අත්අඩංගුවට ගෙන අතිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව බකමූණ සරුබිම ගම්මානයේ 48 වියැති පියකි.
ඔහු තම දොළොස් හැවිරිදි පුතාට වස පෙවිමෙන් පසු දරුවා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි.. වාර්තා වන පරිදි සිදධිය මෙසේය.
මෙම පියා හා මව අතර ඇති වූ පවුල් ආරවුලක් නිසා කලක් ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත්ව ඇත. අද සවස පුතු තම පියා සොයා පියාගේ නිවසට ගිය විට දරුවාට වස පොවා ඇති අතර බිරිය නිවසට ගෙන්වා ගැනීමේ අරමුණින් පුතුට වස පොවන්නට ඇතැයි පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි
පියා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි
පියා පුතුට වස පෙවීමේ ආරංචියත් සමග දරුවාගේ මව පියා ජීවත් වු නිවසට පැමිණ තිබේ. පසුව වස පොවා සිටි දරුවා රෝහල්ගත කිරීමට මව පියවර ගෙන ඇත.
මව විදේශ ගත වීමට සූදානමින් සිටින නිසා එය වලක්වා ගැනීමට වස පානය කරන ලෙසට පියා දරුවාට බලපෑම් කර ඇති බව දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී දරුවා පොලිසියට පවසා තිබේ.
බකමූණ පොලිස් ස්ථානාධිපති උපුල් බොලුකදුර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායක් මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදුකරයි.







