බිත්තර මිල අඩුකිරීමට ඉඩ නොදෙන්නේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම් බවත් එම සංගම්වලට උඩගෙඩි දෙන වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු යනු ජා ඇල ප්‍රධානම අතරමැදි බිත්තර සංගමයේ සභාපතිවන ඇන්ටනි අප්පුහාමීගේ මස්සිනා බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන් පවසයි.
ලේකම්වරයා පැවසුවේ මේ අතරමැදියන්ගෙන් ජනතාව මුදවාගෙන කෙළින්ම ගොවියාගෙන් පාරිභෝගිකයාට බිත්තර විකුණන ක්‍රමයක් සකස් කරන්නට කෘෂිකර්ම ඇමතිවරයා විසින් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මුල්ම අවස්ථාවේ දී එයට හරස් කපන ප්‍රධානම දේශපාලකයා වෙළෙඳ ඇමතිවරයා බවය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී.ආර්.අලහකෝන් පැවසූ කතාව දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.
“ ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා බිත්තර විකුණන්න කතා කරනවා. “
“මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ. “
“දැන් මේ ක්‍රමය අසාර්ථයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමතිවරයාත් ඒ වගේම සමහර සංගම් කීපයකුත් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරනවා. ඒත් වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා දැකලා තියනව ද? “
“ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති. “
“ඉතින් වෙළෙඳ ඇමතිවරයාට කියන්න පුළුවන්නේ බිත්තර මිල නග්ගන අතරමැදි සංගම්වලට මේ වැඩේ වැරදි කියලා. ඒක නවත්වන්න කියලා. “
“ අපිට බැනලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම් වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුලේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමතිවරු උදව් කරනවා”







