සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරේ මුල් කාර්තුවේ දී ඖෂධ හිඟය බිංදුවට බස්සන බව කෙහෙළිය කියයි…

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Keheli-Rambukwella
Share on FacebookShare on Twitter
  • ප්‍රශ්නය මේ තරම් තීව්‍ර වුනේ ඖෂධ නොමැතිව රෝගීන් මිය යෑම ප්‍රාර්ථනා කරමින් දේශපාලනය කරන පිරිස් ඖෂධ ආනයන සමාගම් බිය කළ නිසාලු…

ඖෂධ නොමැතිව රෝහල්වල රෝගීන් මියයන තෙක් බලාසිට එය වාසියට හරවා ගනිමින් දේශපාලනය කරන්නට බලා සිටින පිරිසක් රටේ සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ඔවුන් සෑම විටම උත්සහ කරන්නේ ඖෂධ ආනයනකරුවන් අධෛර්මත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ආනයන වැඩපිළිවෙළ අවුල් කිරීමට බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

ඖෂධ හිඟය මෙම වසරේ පළමු කාර්තුව තුළදී බිංදුවට බස්සන්න ට හැකි බව ද හෙතෙම කීය

ජනපතිවරයා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල ලෙස මුදල් වෙන්කර දී තිබෙන බවත් ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජත්‍යන්තර සංවිධාන රැසක් මෙරට ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍යය සහය ලබාදෙන බවත් ඔහු කීය.

මහනුවර දී අද (01) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 183 ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ සමාගම් තුනක් පමණක් බවත් ඔවුන් ද මාසයකට පසු එම ක්‍රියාවලියෙන් ඉවත් වූ බවත් ඇමැතිවරයා කීවේය.

ඖෂධ සමාගම් වලට රුපියල් බිලියන 15 ක්ද රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීමට තිබෙන බවත් මෙම සත්‍ය ඇති සැටියෙන් රටට පැවසූ විට ඇමැතිවරයා ඖෂධ ආනයන සමාගම් බය කරන්නට නොයෙක් උප්පරවැට්ටි යොදන බවට පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ වැන්නන් ප්‍රකාශ කරන බවත් කී අමාත්‍යවරයා තමන් කිසි විටෙකත් සත්‍ය වසන් කර කටයුතු නොකරන බවද අවධාරණය කළේය.

ඉන්දියානු ණය ආධාර ලෙස මෙරටට ලැබුණු මුදලින් සෞඛ්‍ය අමත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 300 ක මුදලින් මේවන විට භාවිත කර තිබෙන්නේ බිලියන 104 ක් පමණක් බවත් ඉතිරි මුදල් වැයකර ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට ලබා දී තිබූ කාලය පසුගිය නොවැම්බර් 30 වැනි අවසන් වීමෙන් පසු තමන් මැදිහත්ව එය දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කරගත් බවත් පැවසූ අමාත්‍යවරයා යළිත් වතාවක් එය දීර්ඝ ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගීම හේතුවෙන් තමන් පසුගිය දිනක ඉන්දියාව වෙත ගොස් නිසි සැළැස්මක් ඉදිරිපත් කර ලබන මාර්තු මස දක්වා එය දීර්ඝ කරගත් බවද ප්‍රකාශ කළේය.

එම ගමන සඳහා ගුවන් ටිකට් පත තම පෞද්ගලික මුදලින් ලබාගත් බවත් මහ බැංකුව පනවා තිබෙන නීති අනුව විදේශ රටවල් හා කරන ගනුදෙනු වලදී ක්‍රෙඩිට් කාඩ්පත මගින් ගෙවීමට හැකි වන්නේ රුපියල් 140000 ක් පමණක් බවත් කී අමාත්‍යවරයා මේ නිසා ඉන්දියානු මිතුරෙකු මගින් අදාළ ගමන සඳහා අවශ්‍යය හෝටල් බිල ගෙවූ බවද අවධාරණය කළේය.

එම මිතුරා කිසිදු ආකාරයකින් ඖෂධ ආනයන හෝ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වූවෙකු නොවන බව කී ඇමතිවරයා ඉන්දියාවට ගිය විගස එම මුදල් තමන් ඔහුට ලබාදුන් බවත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දක්ෂණ අධිවේගයේ අනතුරකින් 15කට තුවාලයි… රියදුරුට බරපතලයි…

Next Post

බිත්තර මිල වැඩිකරන්නේ අතරමැදි වෙළෙඳ සංගම්… ලොකුම සංගමයේ සභාපතිගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.